Gossip

දත් නොමැද්දොත් පපුවේ අමාරුව හැදෙනවාලු

දන්ත සෞඛ්‍යය සහ හදවත් රෝග අතර සෘජු සම්බන්ධයක් ඇති බවට කලක පටන් මත පලවෙමින් තිබුණා. මේ නිසාම හදවත් රෝග අවදානම වැඩි අයගේ දන්ත සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීම රෝගීන්ට අවධාරණය කරන්නට වෛද්‍යවරුන් පෙළඹී තිබුණා.

මේ නිසාම ගැබිණි මව් වරුන්ගේත් දන්ත සෞඛ්‍යය ගැනත් විශේෂ අවදානයක් යොමු කරන්නට විය.

දත් මැදීමත් හදවත් ‍රෝගත් අතර සම්බන්ධයක් පිළිබඳව නවීන විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන තිබුණා. සතියක් දෙකක් දත් නොමැද ඉන්නා පුද්ගලයකුගේ විදුරුමස් තුළට ඇතුළු වන බැක්ටීරියා එමඟින් හෘදය වස්තුවට හා ඊට රුධිරය ගෙන යන මහා ධමනියට ඇතුළු වීමෙන් ධමනි ඉදිමීමක් ඇති කරන බවත්, ඒ මගින් කොලෙස්ටරෝල් වැඩි වී එක්වර ම හදවත් රෝගයකට හේතු විය හැකි බවත් ඒ අධ්‍යයන මඟින් පෙන්වා දෙනවා.

මේ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල අනුව හදවත් රෝග විනිශ්චය කරගැනීමටත් හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීමටත් නව මං සොයාගත හැකි බව ද ඒ පර්යේෂණ මඟින් හෙළි කරගත හැකි බව ද පර්යේෂකයින් ‍පවසා ඇත.

විදුරුමස් ‍ ‍රෝග බොහෝ දෙනෙකුට පොදු වන අතර විදුරුමස් ඉදිමීම, තුවාල සෑදීම හා ඒවායේ විෂ බීජ පැතිරීම බොහෝ විට දක්නට ලැබෙනවා.

මීට කලින් ද විදුරු මස් රෝග හා හදවත් ‍රෝග අතර සම්බන්ධයක් ඇති බව සමහර අධ්‍යයනවලින් පෙන්වා දී තිබුණේත් බොහෝ දෙනා ඊට වඩා ඉහළින් සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවිත රටා හා වැඩි සීනි පරිභෝජනය වැනි හේතු පිළිබඳව වෛද්‍යවරු සැලකිලිමත්වුණා.

මේ අධ්‍යයනය ප්ලෝරිඩා විශ්වවිද්‍යාලයේ කේසවාලු ලක්ෂ්මියා ‍රසායනාගාරයේ මිනිස් සෞඛ්‍යයට විදුරුමස් රෝග කොතරම් දුරට බලපානු ඇත්ද යන්න පිළිබඳ කරන ලද මහා පරිමාණ අධ්‍යයනයක කොටසක් පමණකි.

 

t1 t2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!