Gossip

මම තමයි අංක එකේ සරාගී නිරූපන ශිල්පිනිය ගොසිප් සයිට් වලින් ජනප්‍රිය වෙන්න මට කිසිම උවමනාවක් නෑ

සති අන්ත පුවත් පතකට ටීනා මෙහෙම කියලා තිබුණා.

දේදුණු ආකසෙන්ම කතාව ආරම්භ කරමු

දේදුණු ආකාසේ කියන්නේ මගේ පළමුවැනි සිනමා අත්දැකීම.

පළමු සිනමා අත්දැකීම සාර්ථකයි ද?

සාර්ථකයි කියලා හිතනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හොඳ නිසා. ප්‍රියන්ත කොලඹගේ වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ හේමාල් රණසිංහ වැනි දක්ෂ නළුවෙක් සමඟ ප්‍රථම සිනමා අත්දැකීම හරහා එන්න ලැබීම ම වාසනාවක්.

මේ ටීනා බලොපොරොත්තුවෙන් හිටිය අවස්ථාවක්ද?

පොඩි කාලේ ඉඳන් මම ආසයි නිරූපණ ක්ෂේත්‍රයට. මුලින්ම ඒ ආසාව හැබෑ කරගත්තා.ඊ ළඟට මම අසාවෙන් හිටියේ ලංකාවේ හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ගොඩක් සිනමා නිර්මාණවලින් ආරාධනා ලැබුණත් මම ඒවා භාර ගත්තේ නැහැ. මට ඕන වුණේ පළමුවැනි සිනමා නිර්මාණයෙන්ම එළියට එන්න. මම ඒ ආසාව ඉෂ්ට කර ගත්තා.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියන් සහ ජනප්‍රිය රංගන ශිප්ලිනියන් පරදවමින් ටීනාට දේදුණු ආකාසේ ලැබුණලු නේද?

මුලින්ම දේදුණු ආකාසේ සිනමා නිර්මාණයට කතා කරන වෙලාවේ නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් කිහිප දෙනකුට කතා කරලා තිබුණා. එතැනදී නිරූපණ ශිල්පිනියන් අතරින් මම තමා 1 ටම හිටියේ. මම screen test එක කරලා යද්දී මාත් එක්ක තරග කරන්න දැවැන්ත නිරූපණ ශිල්පිනියන් ආවා. හිතේ පොඩි චකිතයක් තිබුණා මම select නොවෙයිද කියලා. මම ඒ මොහොතේදී කළ චරිතෙට සාධාරණයක් කළා. ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණා.

 

හේමාල් රණසිංහ එක්ක පළමු සිනමා අත්දැකීම බෙදා ගන්න ලැබීම ගැන දැනෙන්නේ කොහොමද?

මෙහෙමයි හේමාල් අයියත් එක්ක රඟපාන්න කවුරුත් අකැමැති නැහැනේ. එයා තමා දැනට ඉන්න හොඳම නළුවා. ඒ කිව්වේ එයාට ගොඩක් talants තියෙනවා. මට සතුටුයි. මගේ පළමු සිනමා නිර්මාණයෙදීම මේ වගේ දැවැන්ත චරිත හම්බවෙනවා කියන්නේ මම මාරම වාසනාවන්තයි කියන එක. මට ආයේ මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ.

ඊළඟට ලැබෙන සිනමා නිර්මාණයන් භාර ගන්න කලින් මුලින්ම බලන්නේ මොනවද?

මට ලැබෙන චරිතය ගැලපෙනවද කියලා බලනවා. අධ්‍යක්ෂකවරයා සහ බජට් එක හැම තිස්සෙම බලනවා. මම සිනමා නිර්මාණ ආවට ගියාට භාර ගන්නේ නැහැ. දැනට මම නිර්මාණ දෙකක් භාර අරගෙන තියෙනවා.

ටීනා සරාගී නිරූපණ ශිල්පිනියන් අතර No. 1 කිව්වොත් පිළිගන්නවද?

ඒක මම අනිවාර්යෙන්ම පිළිගන්නවා.

ටීනා කියන්නේ කාලෙන් කාලෙට ගොස්සිප් මවන්නියක් නේ. ඇයි ටීනා මේ තරම් ගොසිප් සයිට්ස් තුළ ඉස්මතුවෙන්නේ?

ඉස්මතුවෙන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. මම කොහේ ගියත් මිනිස්සු මං ගැන පෞද්ගලිකව කතා වෙනවා. මං ගැන කතා වෙන්න හේතුව මං ගැන විශේෂ හේතුවක් තියෙන නිසා කියන දේ මම අනිවාර්යෙන්ම විශ්වාස කරන දෙයක්. නැත්නම් ඉතින් මං ගැන හැමෝම කතා වෙන්නේ නැහැනේ. මම මොනවහරි දෙයක් කළත් ගොසිප් සයිට්ස් වලින් මාව ඇඩ් කරලා දානවා. මොනවහරි නිසා ඒ අය ඉස්මතු කරනවා. මම ඒ දේවල්වලට ලොකු කැමැත්තක් නැහැ. ගොසිප් සයිට්ස් වලින් ජනප්‍රිය වෙන්න මට වුවමනාවක් නැහැ. මාව කවුරුහරි ඉස්මතු කරන්න අසාවෙන් ඉන්නවා නම් ගොසිප් සයිට්ස් වලට මම ස්තුති කරනවා මම විශේෂයෙන් ඉස්මතු කරලා පෙන්වනවට. මං ගැන කියන්න වැරැදි නැහැ. කියන්න තියනවා නම් කියන්න තියෙන්නේ මම ඇඳන් ගිය ඇඳුමක් ගැන නැත්නම් ඩාන්ස් එකක් ගැනයි.

ටීනා කියන්නේ වුවමනාවෙන් හිට් වෙන කෙනෙක් ද?

මම හරිම අකැමැති දෙයක් තමා ගොසිප් හදන එකට. මට කිසිම වුවමනාවක් නැහැ ගොසිප් සයිට්ස් වලින් හයිලයිට්ස් වෙන්න. ටීනා කියන්නේ talanted model කෙනෙක්. මම හිතාගෙන ගොසිප් සයිට්ස්වල හිට් වෙන්න යන්නේ නැහැ. මම මොනදේ කළත් ඒ අය මාව ඉස්මතු කරලා දානවා. ඒකට මට කරන්න දෙයක් නැහැ.

ආදරේ කියන දේ හංගන්නේ ඇයි ටීනා ?

ආ..ද..රේ… හංගන්නේ නැහැ. මම ආ…ද…රේ. නම් විදිනවා. මේ ෆීල්ඩ් එකේ ඉද්දි කොල්ලෙක් නැති වෙන්න බැහැනේ, අනිවාර්යෙන්ම ඉන්න ඕන. දැන්ම ම මගේ ආදරේ ගැන කියන්න වෙලාව නෙමෙයි මේ. කියන්න ඕන වෙලාව ආව ගමන් හංගන්නේ නැතුව ඔයාලට කියනවා. හැබැයි එයා නිරූපණ ක්ෂේත්‍රයට නම් සම්බන්ධ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!