Gossip

ඉන්දියාව සමග 20-20 සටනට එන ශ්‍රි ලංකා සංචිතය මෙන්න

ලබන 20 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩාය නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට නායකත්වය ලබාදෙන්නේ තිසර පෙරේරායි.

උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධිර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමිර, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට නම්කර ඇති අනෙකුත් ක්‍රීඩකයින් වනවා.

මේ තරගාවලියේදී ලසිත් මාලිංග විවේක ගැන්වූ බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

මේ තරගාවලියේදී විවේක ගැන්වූ මාලිංග අන්තර් සමාජ තුන් දින තරගාවලියටද මේ දිනවල ක්‍රීඩා කරනවා.

කණ්ඩායමට කැඳවා ඇති එකම නිත්‍ය දඟ පන්දු යවන්නා වන්නේ අකිල ධනංජය පමණයි.

ශ්‍රි ලංකා ඉන්දියා 20-20 තරගාවලිය ලබන 20 වැනිදා සිට 24 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!