Gossip

සත් සමුදුරෙන් ගොඩගිය ස්වර්ණාට උත්තමාචාරයක්!

cover

සිංහල සිනමාවේ ආරම්භය ” කඩවුණු පොරොන්දුව” වූවත් ඊට‍ එහා ගිය ඉතිහාසයක් ඇති බව අප අසා තිබෙනවා.

එනම් ” කඩවුණු පොරොන්දුවට පෙර ලංකාව තුළ චිත්‍රපටියක් නිර්මාණය වී ඇති බවත්, එය “කැලෑ හද” නම්  රූපමය චිත්‍රපටියක් බවත් අප අසා තිබෙනවා.

ඒ කොහොම වුණත් සිංහල සිනමාවට දශක  ගාණක් ගිහින් වුණත්  මෙරටේ සිංහල  සිනමාව දැන් ‍ කොතනද තියෙන්නේ. ඒක අපි කොයි කවුරුත් දන්න කාරණයක්.

මේ   දේවල් කොහොම වුණත් චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය උදෙසා  දෙරණ නාලිකාවෙන් මහත් වෑයමක් දරනවා.

මේ නිමිත්තේන් දෙරණ නාලිකාව විසින් සිව් වන වරටත් පවත්වනු ලබන දෙරණ සන්සිල්ක් චිත්‍රපට සම්මාන උලෙල මෙවරද  ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

එයට සමගාමීව එළඹෙන 6 වැනිදා  සහ 7 වන දින ‍Film Festival එකකුත් පවත්වනවා. මේ හැම දෙයක්ම කරන්නේ දේශීය  සිනමාවේ උන්නතිය උදේසායි.

ඔන්න කොහොම හරි මේ  දෙරණ  සන්සිල්ක් චිත්‍රපටි උලෙලේ තියෙන් සුවිශේෂීම කාරණය තමයි ජීවිතවට එක් වරක් පමණක් ලබා දෙන සම්මානය. දන්නවාද මේ සම්මානයට මෙවර නිර්දේශ වෙලා තියෙන්නේ කවුද කියලා.

ඒ වෙන කවුරුත් නෙවෙයි   තියුණු, සියම්, සහ අන්‍යන වූ රංග ප්‍රතිභාවයෙන් යථාර්ථය නිරූපණය කළ අසහාය  රංගනවේදිනියක් වන ස්වර්ණ මල්ලවාරච්චි මහත්මියයි.

ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය,  අති දක්ෂ, අතිවිශිෂ්ඨ රංගනවේදිනියක් තමයි ස්වර්ණ මල්ලවාරච්චි කියන්නේ.

චන්න කින්නරී, මායා, අනන්ත රාත්‍රීය, දඩයම , හංස විලක්, චිත්‍රපටි වල ඇය විසින් රංගනයෙන් දායක වුණු චිත්‍රපටි ස්වල්පයක් පමණයි. කොහොම හරි ඔන්න වෙබ් ගොසිප් තුළිනුත් අපි ඇයගේ රංගන ජීවිතයට සුබ පතනවා ඔන්න.

දෙරණ සන්සිල්ක්  සිනමා උලෙල ගැන අපි මීට වඩා තවත් ඉස්සරහට ඔයාලව දැනුවත් කිරීමක් කරන්නම්කෝ. මොකද මේ  සිනමා උලෙලේදීත් සුවිශේෂී සිදුවීම් රශීයක් වෙනවා නියතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!