බොලිවුඩ්

බොලිවුඩයේ ගිනි සිළුව සනී ලියෝන්ගෙන් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්! 

cover
බොලිවුඩයේ ගිනි සිළුව ලෙස සැලකෙන සනී ලියොන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණයක් ඇසූ බීමත් පුද්ගලයෙකුට ඇය විසින් පහර දී තිබෙනවා. සනී ලියොන් නවාතැන්ගෙන සිටින ඉන්දියාවේ ගුජ්රාට් ප්‍රාන්තයේ හෝටලයකදීයි මෙම සිදුවීම වී ඇත්තේ.

එහිදි මාධ්‍යවේදියෙක් සනී ලියොන්ගෙන් විමසා තිබුණේ රාත්‍රී කාලයේ රූගත කරන දර්ශණයක් සඳහා ඇය කොතරම් මුදලක් අය කරනවාද යන්නයි.

එසේම තවත් අසභ්‍ය ප්‍රශ්ණ කිහිපයක් ඔහු සනී ලියොන් වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් උපහාසයෙන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්න නිසා කෝපයට පත්වූ සනී ලියොන් එම මාධ්‍යවේදියාට අතුල් පහරක් එල්ල කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මාධ්‍යවේදියා ඒ අවස්ථාවේ බීමතින් සිට ඇති බවටත් වාර්තා පළවනවා.

මේ අතර ඉදිරියේදී ගුජ්රාට් ප්‍රාන්තයට පැමිණීමට පෙර සනී ලියොන් දෙවරක් නොව දහස් වරක් සිතා බලනු ඇති බවයි සනී ලියොන්ගේ සැමියා සඳහන් කර ඇත්තේ.
twiter
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!