Gossip

ශ්‍රියන්තට පෙම්වතියක් හිටිය බවත් මම දැනගෙන හිටියා, බස් හෝල්ට් එකේ ශ්‍රියන්ත එක්ක ඉද්දි අපේ මාමා දැකලා – Photos

කුසුම් රේණු හා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ සම්මානනීය රංගන ශිල්පීන් දෙදෙනෙක්.
රසික හදවත් වැළඳගත් මේ ආදරණීය චරිත දෙක ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.

ශ්‍රියන්තව හමුවුණේ කොහොමද..?
නාට්‍ය කලාව නිසා 1982 අවුරුද්දේ අපි දැනහදුනා ගන්නවා. ඒ දැන හදුනාගැනීම තවත් දියුණු වෙන්නේ ශ්‍රියන්තගේ මල්ලිගේ නාට්‍ය යේ වැඩ කරද්දි. නමුත් ඒක ප්‍රේමයකට මුල පුරන හදුනාගැනීමක් නෙවෙයි. ඒ වෙද්දි ශ්‍රියන්තට පෙම්වතියක් හිටිය බවත් මම දැනගෙන හිටියා.

ආදරයට ඇරයුම් කරන සමය එළඹෙන්නේ ඉන් පසුවද…?
1984 වර්ෂයේ අග භාගය වෙද්දි එයාගේ පැවති ප්‍රේමයත් බිදවැටිලා ගෙවීගන යන සමයක තමයි ශ්‍රියන්ත මට ආදරයකට ඇරයුම් කරන්නේ.
මේ ආදරය දලුලන්න රැකුලක් වෙන අපූරු සිදුවීමක් වෙනවා.
සයිමන් නවගත්තේගමගේ පණ්ඩුකාභය වේදිකා නාට්‍ය යේ ඔහු දීඝ ගාමිණී, මම උන්මාද චිත්‍රා. එවකට හිටිය අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ උවමනාවටයි ටවර් හෝල් පදනම යටතේ ඒ නාට්‍ය නිපදවන්නේ. පණ්ඩුකාභය පුහුණුවීම් නරඹන්න පැමිණෙන අගමැතිතුමා කියනවා රේණු ඔය ළමයාට ටිකක් ලංවෙලා රඟපාන්නකෝ හොද ළමයෙක්නේ කියලා.

එදා උන්මාද චිත්‍රා විදිහට රඟපාද්දි ලංවුණු ලංවීම ජීවිත කාලයටම ලංවෙලා ගෙවන්න සුදුසුයි කියලා කුසුම් තීරණය කරනවා…?
මම නාට්‍ය කලාවෙන් ඇත්වෙලා මගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් කරන්න ඕනෑ කියලා තීරණය කරලා ඉන්න කාලේ තමයි සයිමන් නවගත්තේගම මහතා උන්මාද චිත්‍රා චරිතයට ඇරයුම් අරන් එන්නේ.
එදා මම මගේ අරමුණ ඔහුට පවසනවා.
මම රැකියාවක් කරන්නයි ඉන්නේ ආයේ රඟපාන්න එන්නේ නෑ කියලා. පසුව උන්මාද චිත්‍රා ලෙස මාවම ගන්න උවමනා නිසා මට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාවක් සමඟ රාජකාරී නිවාඩු ලබාදෙනවා නාට්‍ය හොඳින් කරන්න. උන්මාද චිත්‍රා විදිහට රඟපාමින් ඉන්නකොට එක දවසක දීඝගාමිණී අහනව මම ඔයාට ආදරෙයි කිව්වොත් ඔයා මොකද කරන්නේ කියලා. ඒක ටිකක් කපටි විදිහේ විමසුමක්නේ. මොකද ආදර ඉල්ලීම ප්‍රතික්ෂේප වුණොත් හිත හොඳින් නාට්‍ය යේ කටයුතු කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඉතිරි කරගෙනයි ශ්‍රියන්ත ඔය ප්‍රශ්නය මගෙන් අහන්නේ.

ඉටුවේවිදෝ නොවේවිදෝ කියන සැකසංකාවෙන් ඉදිරිපත් කළ පැනයට හොඳ උත්තරයක් ලැබෙනවද..?
ඔව්.. ශ්‍රියන්ත ඒ කාලේ වේදිකා රංගන ශිල්පියෙක්. අද වාගේ රූපවාහිනිය තිබුණෙත් නැහැ. ලොකුවට ජනප්‍රියත්වයක් තිබුණෙත් නැහැනේ.
අනික ඔහු වෘත්තිය ගුරුවරයෙක්. මම තේරුම් අරන් හිටිය මට ඔහු අනුව ජීවත් වෙන්නත් ඔහුට මම අනුව ජීවත් වෙන්නත් පුළුවන් කියලා.
මම පැතුවේ සරල ජීවිතයක්. මම කැමැත්ත දුන්නා. නමුත් ආදරය කරන්න පටන් අරන් මම පැතූ සරළ ජිවිතය පවතින්නේ සතියක විතර කාලයක්.
ඔය එක්කම ශ්‍රියන්ත පළිගු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන වෙනවා. එක රැයකින් ඔහු රටේම ජනප්‍රය නළුවෙක් වෙනවා.

මේ ජනප්‍රියත්වය ඔබලාගේ ආදරයටත් බලපැම් කරනවද…?
බලපැම් කරන්නමෙම පැතුවේ රැකියාවට ගිහින් හවසට ගෙදර ඇවිත් චිත්‍රපටයක් නාට්‍යයක් බලලා නිස්කලංකව ජීවත්වෙන ජීවිතයක් ගෙවන්න. මගතොටේ යද්දි පවා මිනිස්සුන්ගේ අවධානයෙන් පිරෙන ජීවිතය ගැන හිතද්දි මම ඔහුගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේ ජනප්‍රියත්වය අතහරින්න කියලත්.
නමුත් එක් තමයි දෛවය.

ඒ කාලේ සෙල්ලක්කාර සූරසේනට දුව දෙන්න දෙමව්පියෝ කැමති වුණාද..?
අපි ආදරවන්තයෝ වෙලා ඉස්සල්ලාම එළිමහනේ මුණගැහිලා කතා කරන්න තීරණය කරපු දවසේම මේ ප්‍රේමය ගෙදරට සැලවුණා.
මම බස් හෝල්ට් එකේ ශ්‍රියන්ත එක්ක ඉන්නවා අපේ මාමා දැකලා. අම්මාට ගිහින් කියලා තිබුණා අන්න ලොකු දුව සූරසේන එක්ක බස් හෝල්ට් එකේ හිටියා කියලා.

අම්මා ආදර කතාවට එරෙහි වුණාද..?
ඔව්නේ… විවිධ හේතු දක්වමින් අම්මා මේකට කැමති වුණේම නැහැ.

ආදරය කියන්නේ විටකදි බොළඳ සොදුරු තැන් හොය හොයා යන හැඟීමක්නේ. ශ්‍රියන්ත හා කුසුම් ප්‍රේම කතාවේ පළමු ආදර සිහිවටනය වුණේ මොනවද..?
එයා මට මගේ උපන් දිනයට ගීත කැසට් පටියක් තෑගි දුන්නා. මම මගේ යාළුවෙකුගේ ගෙදරට ගිහින් මමම නිර්මාණය කරපු බතික් සරමකුයි, කමිසයකුයි එයාට තෑගි දුන්නා.

ඔබලාගේ ප්‍රේමය සීමා මායිම් නීතිරීතිවලින් බැදුනු එකක්ද..?
ආදරය කරන්න පටන් ගත්ත කාලේ නීතිරීති තිබුණා. ශ්‍රියන්ත කිව්වේ රඟපාන්න නොගිහින් ගෙදර නවතින්න කියලයි.
මම හොඳම වේදිකා නිළිය ලෙස සම්මාන ගත්ත පළමු අවස්ථාවේදීම ශ්‍රියන්තගේ කැමැත්තට ඉඩදීලා මම රංගනයෙන් ඈත්වුණා. නැවත විවාහයෙන් පස්සේ බොහෝ කාලෙකට පස්සෙයි මම රඟපාන්න එන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!