Gossip

චන්දිමාල් , මැතීව්ස් ලංකාවේ නම්බුව රැක ගනියි

ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය සදහා නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කන්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 356ක් ලබා සිටියි.
ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් අතැතැවි ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 180ක් පිටුපසින් සිටියි

තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එක් අන්තයක හුදකලා සටනක් දියත් කරන දිනේෂ් චන්දිමාල් පන්දු 341කට මුහුණදෙමින් එක් හයේ පහරකින් හා හතරේ 18 සමගින් නොදැවී ලකුණු 147ක් ද , ලක්ෂාන් සදකැන් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ.පන්දු 265කදී වාර්තා වු චන්දිමාල් 10 වැනි ශතකයට හතරේ පහර 13ක් ඇතුලත් විය

මෙම වසරේ පැවැති ටෙස්ට් තරගවල  අවස්ථා තුනකදී දිනේෂ් චන්දිමාල් පන්දු 300කට වඩා වැඩියෙන් පිතිකරුවෙකු ලෙස මුහුණ දී ඇති අතර මෙම වසරේදී එවැනි දස්කමක් දැක්වු ප‍්‍රථම පිතිකරුවා ලෙසද වාර්තා පොත් අතරට එක්විය.

දෙවැනි දිනය වු ඊයේ තරගය නතර කරන විට ලකුණු 131ක් ලබා සිටිය ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ තේ පානයට පෙර සිය පළමු ඉනිමට තවත් ලකුණු 135ක් එක් කර ගත් අතර එහිදී ඉන්දියානු ප‍්‍රබල පන්දුයවන්නන්ට දවා ගත හැකි වුයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල පමණි

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අටවැනි වැනි ටෙස්ට් ශතකය ලබාගත් මැතිව්ස්, එය දැවැන්ත හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කළේය. පන්දු 231 කදී මැතිව්ස් සිය ශතකය සම්පූර්ණ කළ අතර ශතකය කරා යෑමේදී ඔහු ලබා දුන් උඩ පන්දු 4 ක්ම ඉන්දීය පන්දු රකින්නන් අතින් ගිළිහීයෑම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග එක්ව ලකුණු 181ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැතිව්ස් සමත් වු අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් මැතිව්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වන විට ලකුණු 111ක් ලබා සිටියහ.

ලකුණු 98 ක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ දුන් පහසු උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතින් ගිළිහීයෑම මැතිව්ස්ට ශතකය සඳහා මනා රැකුළක් විය. එය ඉන්දීය කණ්ඩායම නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවද විය.

අද දිනයේදී රවින්ද්‍ර ජදේජාගේ පන්දු හමුවේ මැතිව්ස් ශතකය ලබාගැනීමට පෙර (ලකුණු 93 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා අතින්ද, ශතකය ලබාගැනීමේන් අනතුරුව (ලකුණු 104 ක් ලබා සිටියදී) දුන් උඩපන්දුවක් මිඞ් ඕෆ්හි පන්දු රකිමින් සිටි විජේ ශංකර් අතින්ද ගිළිහී ගියේය.

මැතිවස් දැවී යාමෙන් අනතුරුව පිටියට එක්වු සදීර සමරවික‍්‍රම දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 61ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වු අතර ඉෂාන්ත් ශර්මාගේ පන්දුයක් හමුවේ රිද්දිමාන් සාහා අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලකුනු 33ක් රැුස්කර ගෙන සිටියේය.

අනතුරුව ශ‍්‍රී ලංකා පිළේ දැවී ගිය ඉතිරි කඩුුලු 04ම ලකුණු 26ක් තුළ දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත් වු අතර මංගල ටෙස්ට් වරම් ලැබු රෝෂේන් සිල්වා හා කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියහ.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී දස්කම් දැක්වු රවිචන්ද‍්‍රන් අශ්වින් කඩුලු 03ක් හා ශාමී,ශර්මා, ජඩේජා කඩුුලු 02 බැගින්ද දවා ගත්තේය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!