Gossip

අමතක නොවන ක්‍රිකට් පාඩමක් බංග්ලාදේශයට උගන්වමින් ශ්‍රී ලංකාව ජයගත් හැටි මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි.
දින දෙකක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ අද සමත්වුණා.
පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 222 ක් ලබාගත්තා.
ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 110 ක් පමණයි..
දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226 ක් ලබාගත්තා.
නවක ක්‍රීඩක රොශේන් සිල්වා ලකුණු 70 ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුලත් වුණා.
ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සියල්ලන් දැවී රැස්කරගත්තේ ලකුණු 123 ක් පමණයි.

ඒ අනුව තරග 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!