Gossip

අවසන් තරගයේ වැඩි ගෞරව ශ්‍රි ලංකා කණ්ඩායමට .. තුන්වන තරගය අවසන් වුණේ මෙහෙමයි

තියුණු සටනකිනට පසුව ශ්‍රි ලංකා ඉන්දියා සටන ජය පැරදුමකින් තොරව අවසන් විය.කණ්ඩායම් දෙකේ තීරණයකට අනුව තරගය නියමිත කාල සීමාවට පෙර නතර කල අතර ඒ වන විට කඩුළු 5 ක් අතතිව ශ්‍රි ලංකාව ප්‍රභල තත්වයක පසු වූවා.ආබාධයට ලක් වූ ධනංජය සිය අබාධය ගැන නොසලකා දියත් කල සටන් කාමී ඉනිම කැපී පෙනුන අතර  අබාධ තත්වය වැඩි වූ නිසා නොදැවුන ක්‍රිඩකයෙක් ලෙස ඔහුට ක්‍රිඩාගාරයට යාමට සිදුවුණා. කෙසේ වුනත් ලංකාවට ජයග්‍රහනය සදහා අවශ්‍ය වූයේ ලකුණු 111 ක් පමණි.ඒ වන විට ධනංජයද සම්පූර්ණ සුවය ලබා පන්දුවට පහර දීමට සූදානමින් සිටියා.තම පලමු තරගයට මුහුණ දුන් රොෂේන් අර්ධ ශතකයක් සමග  දියත් කල ඉනිම කැපී පෙනුනා.

ඉන්දියානු පලමු ඉනිම 536-7 ක් ලෙස සටහන් වුණා.එහිදී විරාට් කෝලි දිවිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.  ශ්‍රි ලංකා ඉනිම 373 ට සීමා වුණ අතර චන්දිමාල් සහ මැතීව්ස් ශතක රැස් කිරීමට සමත් වුණා.ඉන්දියානු දෙවෙනි ඉනිම කඩුළු 5 ට ලකුණු 246 ක් සටහන් වුණා.තරගය අවසන් වන විට ශ්‍රි ලංකා දෙවන ඉනිම 299 ට කඩුළු 5 ක් ලෙස සටහන් වුණා.ඒ අනුව තරගය ජය පරදුමකින් තොරව අවසන් වුණා.

ඊයෙ දිනයේ ලකුණු 31 ට කඩුළු 3ක් දැවී ගිය අසීරු තත්වයක සිටි ශ්‍රි ලංකාව අද සටන්කාමී ඉනිමක් දියත් කලා.අද දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ ඇන්ජෙලෝ මැතීව්ස්ය.නමුත් එය දැවී යාමක් නොවූ අතර තුන්වන විනිසුරු ලෙස කටයුතු කල ඉන්දියානු විනිසුරු වරයා කටයුතු කල ආකාරය කාගෙත් කතා බහට ලක් වුණා.එම දැවී යාම සිදු නොවුනා නම් අද ලංකා කණ්ඩායමට පහසු ජයග්‍රහනයක් ලබා ගැනීමට බොහෝ ඉඩකඩ තිබුණා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා  බවට පත් වූයේ විරාට් කෝලිය.

තරගාවලියේ ජය 1-0 ක් ලෙස ඉන්දියාවට හිමි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!