Gossip

කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ පරමාදර්ශී පුද්ගලයා වූ වගයි (වීඩියෝ)

cvr

“අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් “ සම්මාන රාත්‍රීය කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රී පැවැත්විණ. ශ්‍රී ලංකා නාමයට සුවිශේෂී කීර්තියක් එක්කරමින් සිය වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටු කළ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් ඇගයීම මෙය සංවිධානය කර තිබිණ.

අති උත්කර්ෂවත් අයුරින් එය පැවැති අතර මෙරට මාධ්‍ය ඉතිහාසයේ මෙවැනි ඇගයිම් උළෙලක් පැවැති පළමු අවස්ථාවද එය බවට පත්විය.මෙහිදී තෝරාගත් විවිධ ක්ෂේත්‍රයන් 13ක් උදෙසා ශ්‍රී ලාංකේය සළකුණ තැබූ විශිෂ්ටයින් සම්මානයට පාත්‍රවිණ.

එම සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂ සිදුවීමක් බවට පත්වූයේ ජනප්‍රිය සම්මානය හා විශිෂ්ට ශ්‍රී ලාංකේය සළකුණට හිමි සම්මාන (Popular Award, Icon of the Year)මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකළ කුමාර් සංගක්කාර විසින් හිමිකර ගැනීමයි.

එසේ සම්මානයට පාත්‍ර වූ සියළු විශිෂ්ටයින්ගේ නම් පහත පරිදිය.

Ada Derana Sri L ankan of the year 2016 ක්‍රිඩා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා – මැතිව් අබේසිංහ.

Ada Derana Sri L ankan of the year 2016 විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා – ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්.
Ada Derana Sri L ankan of the year 2016 විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යවසායකයා, ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය.

Ada Derana Sri L ankan of the year 2016 සම්භාව්‍ය කලාකාමියා – කලාසූරි ආචාර්ය අරුන්දති ශ්‍රී රංගනාදන්.

Ada Derana Sri L ankan of the year 2016 අන්තර්ජාතික විනෝදාස්වාදන ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකිකයා – භාතිය සන්තූෂ්.

Ada Derana Sri Lankan of the year 2016 අන්තර්ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා – මෙරිල් ජේ. ප්‍රනාන්දු.

Ada Derana Sri L ankan of the year 2016 අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික විද්‍යාඥයා – වෛද්‍ය ගනේෂ් ප්‍රනාන්දු.

Ada Derana Sri L ankan of the year 2016 ජනප්‍රිය සම්මානය – කුමාර් සංගක්කාර.

Ada Derana Sri L ankan of the year 2016 විශේෂ සම්මානය – ජයන්ති කුරු උතුම්පාල.

Ada Derana Sri L ankan of the year 2016 විශිෂ්ට මහජන සේවකයා සහ විශේෂ ගෞරව සම්මානය – මහින්ද දේශප්‍රිය.

Ada Derana Sri L ankan of the year 2016 අනභිනන්දිත වීරත්වය උදෙසා හිමි සම්මානය – ආචාර්ය අජිත් සී.එස් පෙරේරා, ප්‍රින්සි මංගලිකා, විල්බට් රණසිංහ යන තිදෙනාට.

Ada Derana Sri L ankan of the year 2016 ශ්‍රී ලාංකික වීරත්වය උදෙසා හිමි සම්මානය – ත්‍රිවිද හමුදා රණවිරුවන්ට.

Ada Derana Sri L ankan of the year 2016 විශිෂ්ට ශ්‍රී ලාංකේය සළකුණ – කුමාර් සංගක්කාර.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂත්වය බවට පත්වූයේ දේශපාලන ක්ෂේත්‍රයේ කිසිවෙකුත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සලකා නොබැලීමයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය වීමට මත්තෙන් මෙරට විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලාංකීය අභිමානය ඔප් නැංවූ රටේ සම්මානයට පාත්‍රවිය යුතු ගෞරවනීය පුද්ගලයින් පිළිබඳ අද දෙරණ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු කණ්ඩායමක් විසින් පුරා මාස 6ක පමණ කාලයක් තිස්සේ සමීක්ෂණයක් කරන ලදී.

එම සමීක්ෂණයෙන් ලැයිස්තු ගත කරන ලද සියයක පමණ පිරිසක් කෙටි ලැයිස්තු ගත කොට මෙවන් අභිමානවත් සම්මාන රාත්‍රීයක සම්මාන ලැබූවන් තෝරාගනු ලැබුවේ අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කුසලතා පළ කළ ප්‍රවීණ, උගත්, බුද්ධිමත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ජේ.බී දිසානායක, ජෙනරාල් දයා රත්නායක, දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ඩයන් ගෝමස්, විජිත යාපා, නාලක ගුණවර්ධන, ජෙසීමා ඉස්මයිල්, චන්ද්‍රන් රත්නම් යන විශේෂඥයින් නවදෙනාගෙන් සමන්විත ජූරිය විසිනි.

 

ශ්‍රී ලාංකීක පරමාදර්ශී පුද්ගලයා – කුමාර් සංගක්කාර

අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රීය – සම්මාන ලාභීන් මෙන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!