Gossip

වාර්තාව අලුත් කරමින් ඔස්ට්‍රේලියාව පළමු වරට ශ්‍රී ලංකාව අතින් අන්ත පරාජයක් ලබයි

1

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස  ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තෙවැනි ටෙස්ට් තරඟය ලකුණු 163කින් ජය ගැනීමත් සමගය.

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව ‍ලැබූ මෙම අනපේක්ෂිත ජයත් සමග ඔවුන්ට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක අහිමි වූ අතර පකිස්ථානය මේවන විට එම ලැයිස්තුවේ පළමු තැනට පත්විය.

මෙම තරඟාවලිය ආරම්භවීමට මත්තෙන් එම ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව අංක 1ත් ශ්‍රී ලංකාව අංක 7ත් හිමිව තිබිණ.

මෙම තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු  දෙනා දැවී ලකුණු 355ක් ලබාගත් අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 379ක් ලබාගත්තේය.

තරගයේ දෙවන ඉනිමේ දී කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවාට ලකුණු 324 ඉලක්කයක් ලබාදෙමින් දෙවන ඉනිම අත්හිටුවීය.

එහිදී ඔස්ට්‍රේලියාව ලකුණු 160ට සියළුදෙනා දැවී ගිය අතර ඒ සමඟ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව හමුවේ 3ට 0ක් ලෙස ටෙස්ට් තරඟාවලියක පරාජයක් අත්විඳීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.

පන්දුවෙන් දස්කම් පෑ රංගන හේරත් ලකුණු 64ට කඩුළු 7ක් දවාගත් අතර ඔහු මෙම තරඟයේදී කඩුළු 13ක්ද, සමස්ත තරඟාවලියේදී ඔහු විසින් බිඳ දැමූ කඩුළු ගණන 28කි.

ඒ අනූව වොන් – මුරලි කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!