Gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කල පකිස්තානු ත්‍රස්ත නායකයා මරුට – විස්තර මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ බවට සැක කළ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඇමෙරිකා ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බවට වාර්තාවනවා.

2009 වසරේදීයි මෙම සිද්ධියට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ .

මෙම ත්‍රස්ත නායකයා මියගොස් තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මල් දිස්ත්‍රික්කයේදී වන අතර ඔහු කාරි යෂීන් නමින් හදුන්වනවා.

එම ප්‍රහාරයෙන් යෂීන්ගේ ළඟින්ම සිටි තවත් ත්‍රස්ත සාමාජිකයන් තිදෙනකුද මියගොස් ඇති බව වාර්තාවනවා.

යෂීන් ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධාන කිහිපයකටම සම්බන්ධ නායකයකු වන අතර අල්කයිඩා සහ ජුන්ඩල්ලා සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාර ගණනාවකටම සහාය ලබා දුන් අයෙක්.

යෂීන් 2009 ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හිදී එල්ල කළ ප්‍රහාරයට අමතරව මැරියට් හෝටල් බෝම්බ ප්‍රහාරය සහ තවත් ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට සම්බන්ධ අයෙක් වන අතර ඔහු පකිස්ථාන හමුදාව සොයමින් සිටි පුද්ගලයෙක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!