Gossip

පසුගිය වසරට සාපේක්ෂව ලංකාවේ මිනිස්සුන්ගේ සතුට අඩුවෙලාලු

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව ලොව සතුටින්ම ජිවත් වන වැසියන් සිටින රට බවට නෝර්වේ රාජ්‍ය පත්ව තිබෙනවා.

මීට පෙර එම වාර්තාවේ පළමු ස්ථානයේ රැඳි සිටියේ ඩෙන්මාර්කයයි.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ ජනතා සුබ සාධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි.

මෙම වාර්තාව අනුව යුරෝපය සහ උතුරු අමෙරිකානු රටවල් එහි මුල් ස්ථානවලට පත්ව තිබිම විශේෂත්වයක්.

අදාළ වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ රටවල් 155ක් අතරින් 120 වන ස්ථානයයි.

2015 වසරේදී ශ‍්‍රී ලංකාවට හිමිවූයේ 132 වන ස්ථානයයි.

2016 වසර වන විට 117 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා. නමුත් මෙම වසරේදී ස්ථාන 3කින් යළි පසු බැස තිබෙනවා.

නවතම වාර්තව අනුව අසල්වැසි ඉන්දියාවට හිමිව ඇත්තේ 122වන ස්ථානයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!