Gossip

ශ්‍රී ලංකාව පැරදවූ පාකිස්තානයට දඩ – හේතුව මෙන්න

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායමට ජයහිමි වුණා.

කෙසේවෙතත් ඊයේ පැවති තරගයේ දී නියමිත පන්දුවාර ගණන නියමිත කාලය තුළ යවා අවසන් නොකිරීම නිසා පකිස්තාන කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

පන්දුවාර 49ක් පමණයි නියමිත කාලය තුළ ඔවුන් යවා අවසන් කර තිබුණේ .

ඒ අනුව පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරූ සෆ්‍රාස් අහමඩ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට විස්සක් ද, කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට දහයක් ද දඩ ලෙස නියම කර තිබෙනවා.

කෙහොමවුනත් සෆ්‍රාස් අහමඩ් සිය කණ්ඩායම වෙනුවෙන් මෙම වරද සහ දඬුවම පිළිගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පකිස්තාන කණ්ඩායම මෙම වරද නැවතවරක් සිදු කළහොත් අයි. සී. සී රෙගුලාසිවලට අනුව මෙම තරගාවලිය තුළ නායක සෆ්‍රාස් අහමඩ්ට එක් තරගයක් සඳහා තරග තහනමක් ද පැනවෙනු ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!