Gossip

ගාලු පිටියේ උණුසුම් තත්වයක්. මාලිංගට සහය පළකරමින් ප්‍රදර්ශනය කළ පුවරු පොලිසියෙන් අරගනියි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේවන විට ගාලූ ජාත්‍යන්‍තර ක්‍රීඩා පිටියේදී දැන් පැවැත්වෙනවා.

ලසිත් මාලිංග සිය ගම් ප්‍රදේශයේ එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙයයි.

මෙම තරගය නැරඹීම සඳහා ගාල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී සිටිනවා.

කෙසේවෙතත් තරගය නැරඹීම සඳහා පැමිණි බොහෝ පිරිසක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට විරෝධය පාමින් සහ ලසිත් මාලිංගට සහය පළ කළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තරගය නරඹමින් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ගාලු ක්‍රීඩා පිටියට පොලිසිය පැමිණ මෙම පුවරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ නිසා නරඹන්නන් නොසතුටින් සිටින බවත් සාමකාමීව සිය විරෝධය පොලිසියට දක්වන බවත් වාර්තා වනවා.

එහි ඡායාරූපයක් පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!