Gossip

ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් – ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌

cover

ඉන්දු – ඔස්‌ට්‍රේලියානු භූ තලය ආශ‍්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.

ශ‍්‍රී ලංකාවට කිලෝ මීටර් 500 – 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා මෙසේද කීය.

‘මෙම නවතම භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන 50 කට පමණ පෙර සිටයි. ඉදිරියටත් වසර මිලියන දහයක්‌ දක්‌වා පැවතිය හැකියි. භූ තලය විභේදනය වීමට පෙර අස්‌ථායි භූ කලාපයක්‌ නිර්මාණය වෙනවා. එහිදී විශාල ප‍්‍රදේශයක්‌ පුපුරා ඉරිතලා යනවා. ඉන්දු – ඔස්‌ටේ‍්‍රලියානු භූ තලයේ මෙම ඉරිතැලීම් පටන්ගෙන ඉවරයි. ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවන නායයැම්වලට මින් විශාල බලපෑමක්‌ ඇතිවිය හැකියි.’

‘නේපාලයේ සිදු වූ කම්පනය හේතුවෙන් ඉන්දියාව අභ්‍යන්තරයේ පීඩන ඇතිවෙන්න පුළුවන්. ඉන් ශ‍්‍රී ලංකාවට බලපෑමක්‌ ඇතිවිය හැකියි. ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ නායයැම් ඉහළ යා හැකියි. ශ‍්‍රී ලංකාවේ භූමි කම්පා වෙන්නේ නැහැ කියලා අපිට සැනසිල්ලේ ඉන්න බැහැ. මොකද අතීතයේ විශාල භූමිකම්පා අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. 1615 අප‍්‍රියෙල් 15 වැනිදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවකින් කොළඹ නගරයේ 200 ක්‌ පමණ මියගොස්‌ ගොඩනැගිලි රැසකට දැවැන්ත විනාශයක්‌ සිදුව තිබෙනවා.

මෙම වාර්තා පෘතුගාලයේ සඳහන්ව තිබෙනවා.’

‘2012 වසරේ ඉන්දු-ඔස්‌ටේ‍්‍රලියානු භූ තලය ආශ‍්‍රිතව දැවැන්ත භූමිකම්පාවක්‌ සිදුවුණා. ඉදිරියේ දී මෙම භූ තල ආශ‍්‍රිතව දැවැන්ත භූ කම්පන සිදුවිය හැකියි. ඊට මුහුණදීමට ශ‍්‍රී ලංකාව දැන් සිටම සූදානම් විය යුතු යෑයි’ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.

රසී වීරසිංහ
දිවයින පුවත්පත ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!