තරු හුට පට

ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තයින් පිටුපස බුද්ධි අංශ ලුහුබඳියි

isis

ලෝවටම පිළිලයක් වූ අයි.එස් ත‍්‍රස්තයින් පිළිබඳව ශ‍්‍රී ලංකාව තුළිනුත් පසුගියදා වාර්තාවීම සමඟින් මෙයට සම්බන්ධකම් කියන පිරිස් සොයා බුද්ධි අංශ මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව අයි.එස් සංවිධානයට මෙරටින් සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් කවුද? යන්න හඳුනාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් පිටුපස බුද්ධි අංශ ඇස යොමු කර තිබෙන බවයි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙම සංවිධානයට සාමාජිකයන් එකතු කර ගැනීම සඳහා දැවැන්ත කර්තව්‍යයක යෙදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍යවරයා පවසා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.

අයි.එස් සංවිධානයට මෙරටින් සාමාජිකයන් එකතු කර ගැනීමට එම සංවිධානයට එකතු වී සිටින මෙරට සිටින සාමාජිකයන් කටයුතු කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

 

 

මොවුන්ගේ මේ උත්සාහය දැනට ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් නොවුවත් එය කිසිසේත් ව්‍යාප්ත වීමට ඉඩ නොතබමින් ආරක්ෂක බුද්ධි අංශ ක‍්‍රියාකරන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අයි.එස්  සංවිධානයට මෙරට සාමාජිකයන් බඳවාගෙන ඇති බව ප‍්‍රථමයෙන්ම හෙළිදරව් වූයේ ගලේවෙල ප‍්‍රදේශයේ තරුණයෙක් එම සංවිධානයේ ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ධව සිටියදී මිය යාම නිසාය. එම සිද්ධියත් සමඟම බුද්ධි අංශ මෙම සංවිධානයට සම්බන්ධ පිරිස් හෙළිදරව් කර ගැනීමට බුද්ධි මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.

එහිදී පවුල් ගණනාවක් ඇතුළු පිරිසක් ඊට එක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉහත සඳහන් පරිදි මොවුන් පිටුපස බුද්ධි අංශ මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.
අයිඑස් සංවිධානයට මේ වන විට ලෝකයේ රටවල් ගණනාවකින් සාමාජිකයන් දහස් ගණනක් එකතු කරගෙන විවිධ වරප‍්‍රසාද ලබා දෙමින් මානසික තත්ත්වයද විවිධ ආකාරයේ වෙනස් කිරීම්වලට ලක් කරමින් සාමාජිකයන් එකතු කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

මෙරට මෙන්ම ලෝකයේ රටවල් ගණනාවක් අයි.එස්  සංවිධානය ඔවුන්ගේ රටවල්වලින්ද සාමාජිකයන් එකතු කර ගැනීමට කටයුතු කරනු ඇතැයි යන සැකය මත ඒ ගැන සොයා බැලීම සඳහා ඔවුන්ගේ බුද්ධි අංශ යොදා තිබෙනවා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!