Gossip

අලින්ට දස වද දෙන හැටි – ඔබත් මෙය අනුමත කරනවාද? (වීඩියෝ)

cvr

ලංකාවේ සිටින අලි ඇතුන් ගැන මේ වන විට වැඩි දෙනා අතර කතා බහ කරන මාතෘකාවක් වී හමාරයි. විශේෂයෙන්ම මෙය මේ වන විට හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් වැඩි දෙනා කතා බහ කරන නිසාය.  කොහොම හරි මේ වන විට ලංකාවේ  වනාන්තර වල මෙන්න හීලෑ කර සිටින අලි ඇතුන් ගැන නම් සමාජයෙන් අසන්නට ලැබෙන්නේ හොද කතා බහක් නම් නෙවෙයි.

ඒ මොකද කියනවා නම් වනාන්තර වල ජීවත්වන අලි ඇතුන් මෙන්ම හීලෑ කර සිටින අලි ඇතුන්  මේ වන විටත් සීඝ්‍රයෙන් වඳවෙමින් පවතින නිසා. මේ අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

1999 සිට 2006 දක්වා කාලය තුළ අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද වන උද්‍යාන වල පවා  අලින් ඇත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයක් බව නිසි ලෙස දත්ත නොමැති වූවත් තතු දත් පිරිස් පවසති.

කොහොම හරි ඔන්න මේ වන විට හීලෑ අලි ඇතුන්ට වදා හිංසා  දෙන දැක්වෙන වීඩියෝ පට සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම වීඩියෝ පට කිනම් කාල වකවාණුවක වීඩියෝගත කරන ලද්දක් දැයි   සාක්ෂි නොමැති වූවත්   මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයක් බව එහි දැක්වෙන අදහස් වලින් පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් සමාජ ජාල ඔස්සේ මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම වීඩියෝ පට අප මෙහි පළ කරන්නෙමු.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!