Gossip

SPA බෝඩ් ගහගෙන වෙන වෙන සෙල්ලම් දාපු 200 ක් අතේ මාට්ටු

ජුනි මාසයේ සිට මේ දක්වා ගතවූ මාස එකහමාරක් තුළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 220 කට අධික ප‍්‍රමාණයක් වටලා ගණිකා වෘත්තියේ නියැළුණු කතුන් සහ කළමනාකරුවන්, කළමනාකාරිනියන් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය අදාළ ගණිකා නිවාස පෑලියගොඩ, මිනුවන්ගොඩ, වැලිසර, නිට්ටඹුව, කොච්චිකඬේ, මීගමුව, බියගම, සපුගස්කන්ද, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, සීදුව, ජාඇල, පස්යාල යන ප‍්‍රදේශවලදී වටලා තිබෙනවා.
අත්අඩංගුවට ගත් කතුන්, කළමනාකරුවන් හා කළමනාකාරිනියන් අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් අනුරාධපුරය, මහනුවර, අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, නුවරඑළිය, ත‍්‍රිකුණාමලය, පොලොන්නරුව, ගාල්ල, කොළඹ, රත්නපුර, යටියන්තොට, මඩකලපුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම ඒකකය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!