Gossip

මියුරු ස්වරයෙන් රසික සිත් අමන්දානන්දයට පත්කළ සුපිරි ගායක සෝනු නිගම් ශ්‍රී ලංකාවට – Sonu Nigam Live in Sri Lanka

මියුරු ස්වරයෙන් ලොව පුරා රසික සිත් අමන්දානන්දයට පත්කළ සුපිරි ගායක සෝනු නිගම් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා. ඔහුගේ සහභාගීත්වයෙන් ආරම්භ වන දැවැන්ත ප්‍රසංගය සැප්තැම්බර් මස 9 වනදා සවස 7ට කොළඹ CR & FC ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
වයස අවුරුදු 4ක් තරම් කුඩා කලෙක සිට සිය පියාගේ අභාෂය ලබමින් මේ වන විට ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ හිනිපෙත්තේම වැජඹෙන සෝනු නිගම් ඔහුගේම සංගීත ඇල්බම් 40කට වඩා නිකුත් කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ මියුරු ස්වරයට හා අසමසම හැකියාවට සම්මාන රැසක්ද හිමිව තිබෙනවා.
”කල් හො නා හෝ, බෝලෙ චූඩියාන්, කබි අල්විදා නා කෙහ්නා, කොයි තුම්සා නහී” වැනි ඔහු ගැයූ ගීත අදටත් සෝනුගේ රසික රසිකාවියනි අතර අතිශය ජනප්‍රියයි.
සැප්තැම්බර් මස 9 වනදා කොළඹ CR & FC ක්‍රීඩාංගනයේදී මෙම මියුරු ගීතයන් ඔහුගේම සොඳුරු හඬින් සජීවීව විඳගැනීමේ හැකියාව ඔබටද පවතිනවා. මෙම දැවැන්ත ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ Showtown Entertainment, Dialog Axiata හා Cosmic Technologies එකමුතුවෙන් වන අතර එහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දෙරණ මාධ්‍ය ජාලය විසින් දරනු ලබනවා.
එමෙන්ම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් වල මිලගණන්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කාණ්ඩ 6ක් යටතේ ඔබට ටිකට්පත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. එම කාණ්ඩ හා මිළ ගණන් පහත පරිදියි…..

VIP – 20,000/=
PLATINUM – 15,000/=
GOLD – 7,500/=
SILVER – 5,000/=
BRONZE – 3,000/=
STANDING – 1,500/=
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ www.444.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඔබගේ Dialog දුරකථනය ඔස්සේ 444 ඇමතීමෙන්ද ප්‍රසංගය සඳහා ටිකට් පත් වෙන්කරගැනීමේ හැකියාව පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!