Gossip

“සුනිල් ටී. රෝහල් බිල ගෙවනවා කිව්වට සත පහක්වත් ගෙව්වේ නෑ, දුව නැත්නම් මම ඉවරයි” – සෝනියා දිසානායක

70 දශකයේ රිදී තිරයේ ලස්සනම රුවැත්තිය විදිහට නම්දරා සිටි ඇය සෝනියා දිසානායක.
ඇය කාලයක් විදෙස් ගතව ජීවත් වුණා.
පසුගිය දවසක නැවතත් ඇය ලංකාවට පැමිණියේ කලාකටයුතුවලට දායක වීමේ බලාපොරොත්තුවෙන්.
නමුත් ඇය හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කළා.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවී තිබූ ලිපියක්.

ඇත්තටම ඔබට මොකද වුණේ?
හීනෙකින්වත් නොහිතපු වෙලාවක මම බරපතළ විදිහට අසනීප වුණා. මුලින්ම පපුවේ අමාරුවක් හැදිලයි මාව රෝහල්ගත කළේ.

හෘදයාබාධයට හේතුව මොකක්ද කියලා වෛද්‍යවරු වැඩිදුර පරීක්ෂණ කරද්දී තමයි හොයා ගන්න පුළුවන් වුණේ මගේ හදවතේ නාල දෙකක් අවහිර වී තිබෙන බව.

ඉතින් ඊට පස්සේ?
වෛද්‍යවරු මට කිව්වා ශල්‍යකර්මයක් කරන්න ඕනෑ කියලා. හැබැයි මම මුලින්ම කැමති වුණේ නැහැ ඉක්මනින්ම ශල්‍යකර්මයක් කරනවාට.

නමුත් වෛද්‍යවරු මට දැනුම් දුන්නා තවත් කල් ගතකරන එක මගේ ජීවිතයට හොඳ නෑ කියලා. ඒ නිසා හැම ප්‍රතිකාරයක්ම වෙලාවට සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මම තවමත් ජීවතුන් අතර ඉන්නවා.

ජීවිතයට තිබුණු අවදානම ගැන නොදැන හිටපු නිසාද ශල්‍යකර්මයට කල් ගන්න හිතුවේ?
ඒකට ලොකුම හේතුව තමයි ඒ වෙලාවේ මගේ අතේ මුදල් තිබුණේ නැහැ. ශල්‍යකර්මයට රුපියල් ලක්ෂ 6 1/2ක් වැයවෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඒ මුදලින් ලක්ෂ 3ක් මුලින් ගෙවිය යුතු වුණා. මගේ දුවයි පුතයි දෙන්නාම ජීවත් වෙන්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා මම වෛද්‍යවරුන්ට කිව්වා මම ඕස්ට්‍රේලියාවේ ගිහින් ශල්‍යකර්මය කරගන්නම් කියලා.

අන්තිමේදී කොහොමද රෝහල් බිල ගෙවා දැමුවේ?
අසනීප වෙලා හිටපු දවස්වල මට තවත් හිත රිදෙන විදියේ සිදුවීම්වලටත් මුහුණ දෙන්න සිද්ධවුණා. විවිධ විදිහේ ප්‍රචාරත් පැතිරිලා ගියා. ඔස්කා සංවිධානයෙන් ලැබුණු රුපියල් ලක්ෂයක රක්ෂණ මුදල හැරුණම වෙනත් කාගෙන්වත් මුදල්වලින් නම් උපකාරයක් ලැබුණේ නැහැ. මගේ දුව රට ඉඳන් ඇවිල්ලා තමයි රෝහ‍ලේ බිල ගෙවා දැමුවේ.

ඔබට මේ වනවිට තමන්ගේම කියා නිවසක් පවා නොමැති බව ඔබ මීට පෙර මාධ්‍යවෙතත් ප්‍රකාශ කර තිබුණා. එහෙම තියෙද්දී මෙවැනි අවස්ථාවක ඔබ කාගෙන්වත් පිහිටක්වත් ඉල්ලුවේවත් නැද්ද?
මාත් එක්ක කාලයක් එකට චිත්‍රපට නිෂ්පාදනය කරපු සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් මම උපකාර ඉල්ලුවා. හැබැයි ඔහුගෙන් සත පහකින්වත් උදව්වක් ලැබුණේ නැහැ. ඔහු කිව්වා බයවෙන්න එපා ඔස්කා සංවිධානය ඒ සේරම බලාගනිවි කියලා. ඔස්කා සංවිධානයෙන් ඇහුවාම කියලා තිබුණා සුනිල් ටී. රෝහල් බිල ගෙවනවා කියලා ඔවුන්ට ‍පොරොන්දු වුණා කියලා.

නමුත් අන්තිමේදී ඔහු ඒ ‍පොරොන්දුව ඉටුකළේ නැහැ?
නැහැ. මගේ දරුවෝ මා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නේ නැහැ කියලා කතාවකුත් සුනිල් ටී. කියලා තිබුණා. ඒක බොරු කතාවක්. මගේ දුව රෝහල් බිල ගෙවන්න සූදානමින් තමයි ලංකාවට අවේ. මෙහේ හිටපු අය බිල ගෙවනවා කියලා මුලින් දැන ගන්න ලැබුණු නිසයි ඇය ටිකක් හරි එන්න ප්‍රමාද වුණේ.

සුනිල් ටී. එක්ක වතාවක් මේ ගැන දුරකථනයෙන් කතා කරද්දී වචන හුවමාරුවකුත් වුණා. දුව සුනිල්ට ඒවෙ‍ලේ කිව්වා “අපි කවදාවත් ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. මුකුත් කියලත් නැහැ. ඒත් ඔයා අපේ අම්මාත් එක්ක කාලයක් හිටියානේ. අපේ ගෙදරමනේ හිටියෙත්. ඉතින් දැන් මොකද බොරුවට චෝදනා කරන්නේ” කියලා.

කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඔස්කා සංවිධානයෙන් වුණත් ඔබට බලා‍පොරොත්තුවෙන් හිටපු තරමේ පිහිටක් ලැබුණේ නැහැ කියලාද ඔබ කියන්නේ?
මේ ගැටලුවේදී ඔස්කා සංවිධානයේ ජයන්ත ධර්මදාස මහතාට චෝදනා කරන්න මම කැමති නැහැ.

ඔහු මම හුඟක් ගරු කරන කෙනෙක්. සුනිල් ටී. කියපු කතා නිසා තමයි මේ සිදුවීම මේ තරම් දුරදිග ගියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!