තරු හුට පට

කැඩුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත්වෙයි (ඡායාරූප සහිතයි) Exclusive

ලංකාවේ ක්‍රියාත්මක වන පක්ෂ   ඇතැම් කාලයන්වලදී  ජයග්‍රහණ ඉතා ඉහළ මට්ටමින් ලබාගන්නවා  ඒ වගේම සමහරක් කාලයන් වලදී ඒ ජයග්‍රහණ වල බිඳ වැටීම් සිදුවෙනවා.

ඒක  ඇවිල්ලා ස්වාභාවිකයි. ලංකාවේ නම් ඇතැම් කාලවලදී ශ්‍රීලනිප බලය තහවුරු කර ගන්නවා සමහරක් කාලවලදී එජාප බලය තහවුරු කර ගන්නවා. ඉදිරියට කොහොම වෙයිද කියලා කියන්න අපි දන්නේ නෑ. හැබැයි ලංකාවේ ක්‍රියාත්මක වන කුමන හෝ පක්ෂයක් බලය තහවුරු කර ගන්නවා  නියතයි.

මේ කියන්න යන්නේ පසුගිය දවස්වල වගේම මේ දවස්වලත් වැඩිදෙනා කතාබහට ලක්කරන පක්ෂයක් ගැන. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රීලනිප සාමාජිකයින්  අතර යම්  ආකාරයකට බෙදීම් ඇති වුණානේ. ඒක කොයි කවුරුත් දන්නා කාරණයක්.

ඒ ජනාධිපතිවරණයෙන් පසු එක් කොටසක් වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වුණා. තවත් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වුණා.

ඒක කොහොම හරි දුරදිග ගිහින් මේ වන විට පාර්ලාමේන්තුව තුළත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙපැත්තකට වෙලානේ ඉන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගෙන සිටිනවා. තවත් පිරිසක් ආණ්ඩුවට සහය පළ කරලා අසුන් ගෙන ඉන්නවා. හැබැයි මේවල ඇත්ත නැත්තනම්  අපි දන්නේ නෑ.

ඒ සිදුවීම් කෙසේ වෙතත්. අපි දැන් කියන්න යන්නේ වෙනත් කාරණයක්.

ශ්‍රීලනිප මුලස්ථානය තියෙන් කොළඹ ඩාර්ලි පාරෙනේ. ඔන්න මේ මුලස්ථානයේ උඩ ලොකුවට ගහලා තියෙනවා “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය“ භාෂා තුනෙන්ම ලියපු  පුවරුවක්.

මේ අති විශාල පුවරුව කලක සිට අබලන් වෙලා තමයි තිබුණේ. ඒ කියන්නෙ  ඒ පුවරුවේ “ශ්‍රී
ලංකා නිදහස් පක්ෂය“ කියලා සිංහලෙන්  ලියලා තිබුණු හරිය හොයා ගන්නත් තිබුණේ නෑ. ඒ කියන්නේ ඒ  හරිය ඉරිලා ගිහිල්ලා වගේ තමයි තිබුණේ.

ඔන්න ඕකට පිළියමක් වශයෙන් අද පරණ  බෝඩ් එක වෙනුවෙන් අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෝඩ් එක ගැහුවා.

ඒ බෝඩ් එක ගහන්න ටිකක් අමාරු වුණා. කොළඹ ගිනි නිවීමේ ඒකකයේ විශාල රථයක් ගෙනල්ලා තමයි මේ අලුත් බෝඩ් එක ගැහුවේ.

ඔන්න ඒක තමයි අපි කියන්නේ “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත්වෙයි“ කියලා.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!