Gossip

“උසාවිය නිහඬයි“ උසාවියටම යයි (වීඩියෝ)

ssss

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන‍ගේ විසින් අධ්‍යක්ෂණය කළ”උසාවිය නිහඬයි”චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවමින් අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු කියා සිටියි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට තමා ස්ත්‍රී දූෂණයක් කළ බවටවූ  අසත්‍ය පුවතක් පාදක කරගෙන ඇති බවත්,මෙම චිත්‍රපටය හෙට සිට මහජන ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇති බවත් පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබේ.

ඒ අනුව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වුවහොත් තමන්ට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියට දැවන්ත අපහාසයක් සිදුවන බැවින් එය ප්‍රදර්ශනය නොකිරීමට අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ස්ථීර තහනම් නියෝගයක් සඳහා නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු මේ මස 19වන දින දක්වා අදාළ චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!