Gossip

බුදුසසුනට පහළ වූ සුපින්වත් බුද්ධ පුත්‍රයෙක්ගේ අවසන් කටයුතු මෙසේ ද සිදුවිය යුත්තේ.?

රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිට නිවන අරමුණු කරගන අවුරුදු 21 භාවනා යෝගීව වැඩ සිටි සීලකුටියේ ස්වාමීන් වහන්සේ පසුගියදා අපවත් වුණා.
උන්වහන්සේ අපවත්වන විට අවුරුදු 81 පමණ ආයුෂ ගෙවා ඇත.
මහ සෑ රදුන් වන්දනා කරන්න යන සහ ගිය බොහෝ දෙනා අනිවාර්යෙන් දකින්නට ඇති උන්වහන්සේ අව් වැසි නොසලකා, ඇසිපිය නොහෙලා නිර්මාන්ශිකව දිනකට එක් වේලක් පමණක් පිණ්ඩපාතය වඩිමින් මහා සගරැවනට මනා ආදර්ශයක් වෙමින් තමන්ගේ අරමුණ කරා යන්න කටයුතු කල ආකාරය.
ගෞරවාන්විතව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ දින පැවැත්වීමට ලංකාව පුරා සිටින බැතිමතුන් පෙරේදා සවස සිට එකතු වී ජේතවනාරාමය අසල දකුණු වාසල එළිමහන් පිටියේ චිතකයක් ඉදිකරමින් සිදුකරන්න කටයුතු කළත් ඊයේ දිනයේ උදෑසන 11.30 පමණ අනුරාධපුර පුරාවිද්‍යාදෙපාර්තුමේන්තුව විසින් එය අත්හිටවන්ට කටයුතු කර තිබුණා.
උන්වහන්සේ ගේ ගුණ පිළිබදව බොහෝ දෙනා කතා කරන වගේම සෑබෑ හරසර දැක්විය යුතු අවස්ථාවේ මේ ආකාරයෙන් බලදරයින්
කටයුතු කිරීම නිවැරදිද ? අවසානයේ වෙනත් විකල්පයක් නොමැති නිසා දයකයින් වගේම බැතිමතුන් එක්වෙලා උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය දැඩි සංවේගයෙන් යුතුව අනුරාධපුර විජයපුර පොදු සුසාන භූමියේදී සිදුකර ති‌බෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!