Gossip

“මගේ නෝනා ලස්සනයි.. ඒකට මේ ගෑණිට ඉරිසියයි” – ණය නොගෙව්ව නිසා ගෙදරට ආ භූතයා

කෙළවරක් තෙරක් නොපෙනෙන මේ සංසාර ගමනේ කෝටි ප්‍රකෝටි ගණනක් ඉපදී ජීවිතය ගෙවු අපට සියලු සක්වල ජිවත් වන අපා දෙපා සිවුපා බහු පා පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ මව්පිය අඔු සැමි, දු දරු ,වැඩි හිටි බාල අසල්වාසි වෙති.
ඒ කරම් මේ ගමන දිර්ඝය මේ නිසා විවිධ ජාති ආගම් කුල මිනිස් දෙව තිරිසන් මනුෂ්‍ය භුතයෝද අපේ ඥාතින් වෙති. හේතු පල දහමට අනුව පව් පිං වල විපාක අනුව අපි මෙලෙස සංසාර ගමනේ සැරිසරමු.
අපි සියලු දෙනාම සංසාර ගත ගමනේ දී සිදු කර ගන්නේ ණය ගනු දෙනුවකි. මේ හැම ණයක්ම අප ගෙවිය යුතුයි.
මේ සංසාර ගමනේ දී අපේ මනෝමය කය තුල රැස් කරගෙන ඇති මහා පිං කන්ද නිසා අපේ සසර කන්ද නිසා අපේ සසර ගමන අඩු වැඩි වෙයි.
පිං රැස් කිරිමෙන් අපේ සසර කෙටි කර ගත හැකි වේ. ඒ නිසා සැම මොහොතකම පිං අනුමොදන් කල යුතුය.
එය අවංකවම සිදු කල යුතුය. එලෙස ණයෙන් නිදහස් විය යුතුය. එසේ ණයෙන් නිදහස් නොවුනොත් ඒ ණය ගෙවන්න මතු ජාති ජාති ඉපිද යුතුය.
බල්ලෙක් හරකෙක් වී එය ණය ගෙවන්නට සිදුවනු ඇත. ණය නොගෙවා පැහැර හරින්නට බොරුකියා බලය ලබා ගෙන පොරොන්දු ඉටු නොකර දුසිල් පුජකයන්ට හරියට වැටුප් දිමනා නොගෙවන මේ නිසා අපා දුක් විදින්නට සිදුවිම අනිවාර්‍යයි.
තලවිටියේ දිල්ෂාන් තිස් වන හැවිදිරි බැංකු නිලධාරියෙකි තිස් පස් හැවිදිරි සපුමලි ඔහුගේ බිරින්දැය. ඇය එතරම් ප්‍රසන්න නැත. ඇයද බැංකු නිලධාරියෙකි. මේ දෙදෙනා දරුවෝ දෙදෙනෙක්ගේ දෙමව්පියෝය.
දැනට වසර දෙකක සිට මේ පවුලේ වාද බේද මත ගැටුම් උග්‍රවෙම්න් පවති.
දිල්ශින්ගේ දෙකකුල් අප්‍රාණිකව රැකියාවෙන් නිවාඩු ගෙන සිටි දරු දෙදෙනා නිතර ලෙඩ වෙති.
පවුලේ හැම කෙනෙක්ම රාත්‍රි සිහිනෙන් බියට පත්ව කෑ ගසාගෙන බියට පත්ව අවදි වෙති.
පවුල් ජීවිතයද අවුල් වී ඇත. මේ දුක් කරදර ලෙඩ රෝග වලට වෛද්‍යවරුන්ට පවා හේතුවක් සොයා ගත නොහැකිව ඇත.
පළමු රෝග පරික්ෂාවෙදි ම දිල්ෂාන් සිහිසුන්ව වැටුණේය. මොවුන් අමනුෂ්‍ය දොෂයක් ඇති බව වටහා ගත්තේය.
ගමේ පන්සලේ දි දින විසි එකක් බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව බෝධි පුජා අවසන් කොට ඔවුන් නැවත පැමිණියේය. එදින දිල්ෂාන්ට භුත ආත්මයක් අවිශ්ට වී කතා කරන්නට විය.
කවුද මේ ශරිරයට ඇතුල් වෙලා ඉන්නේ?
මම අමන්ත.
ඇයි මේ අයට කරදර කරන්නේ ?
පළිගන්න,පළිගන්න මගේන් වැඩ අරගෙන සැලකුවේ නෑ. ඒකට පළිගන්න ඕනේ.
අමන්ත කියන්නේ අපේ තැන රස්සාව කරපු කෙනෙක් අපිට කඩ තුනක් තියෙනවා. ඒවට සේවකයන් යොදා පාලනය කලේ අමන්ත. අමන්තගේ ගමන් බිමන් වලට අපි අමන්තට ත්‍රිවිල් එකකුත් අරන් දිලා තිබුණා.
අමන්ත කසාද බැදපු කෙනෙක් දරුවෙක් ඉන්නවා. හදිස්සියෙ පපුවේ අමාරුවක් හැදිලා තමයා අමන්ත මැරුණේ. දැන් මැරිලා අවුරුදු දෙකක් වෙනවා සපුමලි කිව්වා.
ඒ සමඟම දිල්ෂාන්ට අවිශ්ට වී සිටි භුත ආත්මය කතා කරන්නට විය.
ඔව් මහත්තයා මේ අය මගේන් වැඩ ගත්තා හරියට සැලකුවේ නෑ.
අවුරුදු දහයකටත් වඩා මම මේ අයත් එක්ක වැඩ කරා අර්ථ සාධක දුන්නේ නෑ.
මම මළාට පස්සෙ මගේ නෝනා උදව් ඉල්ලන්න අවා. මගේ නෝනා ලස්සනයි. ඒකට මේ ගැණි ඉරිසියයි. දිල්ෂාන් මහත්තයා මගේ නොනා එක්ක යාළුවෙයි කියලා මේ ගැණි බයයි. උදව් ඉල්ලන්න අවාම මේ ගැණි නෝනාව පන්න ගන්නවා.
දැන් මුන් එයාලාට උදව් කරන්නේත් නැ. ඒ නිසා මන් මුන්ගෙන් පළිගන්නවා. ප්‍රේතයා කියාගෙන ගියේය. එහෙනම් මේ අයට කරදර නොකර ඉවත් වෙලා යන්න.
බැහැ බෑහැ එහෙම කරන්න බෑ මගෙන් මුන් වැඩ ගත්තා මගේ ජිවිතේ වැය කළේ මුන්ට මුන් මගේ ගැණිටත් මගේ දරුවන්ටත් සලකන්නේ නෑ. ඒ නිසා මම යන්නේ නෑ. මම මුන්ගෙන් පළිගන්නවා.
බෝධි පුජාව අවසන් කළ ඔවුහු මිය ගිය අමන්තගේ බිරිද ළිවෙනිකා ද කැදවාගෙන ප්‍රතිකාර සදහා පැමිණියාහ. එදිනම භුත ආත්මය ලිවේකාව බදාගෙන අඩන්නට වුයේය.
දැන් සපුමලි බැලු බැල්මටම පෙනෙන්නේ තම සැමියා දිල්ෂාන් රුමත් ලිවෙකා බදාගෙන අඩන බවයි මෙය දරාගත නොහැකිව සපුමලි ඉවත බලා ගත්තාය.
ඔබ දැන් මේ අය අතහැර ඉවත් වි යන්න කැමතිද?
බෑහැ බෑහැ මුන් මගෙන් අවුරුදු දහයක් වැඩ ගත්තා. දැන් මගේ නෝනාටයි දරුවන්ටයි සලකන්නේ නෑ. මුන් මට ණය ගැතියි.
මගේ ජිවිතය මුන්ට කැඔුරුවා. මට පළිගන්නමයි ඕනේ. අනේ ඕයා පළිගන්න හිතන්න එපා. මේ අය නොසැලකුවාට මට මගේ අම්මයි තාත්තායි මට සලකනවා.
මේ නෝනා හරි නපුරුයි. මම දැන් උදව් ඉල්ලන්න එන්නේ නෑ. ලිවෙකි භුත ආත්මයට කිව්වාය.
අද ඔයාලා සැලකුවත් නොසැලකුවත් අමන්තගෙන් වැඩ ගත්ත ණය සංසාරෙදි මතු ජාති වලදි ඔයාලාට ගෙවන්න වේවි. ඒක තමයි හේතු ඵල දහම.
ඒකෙන් ගැලවෙන්න බැහැ. ඒ ණය ගෙවනා තුරු භුතයෝ පළිගන්න එක නතර කරන්න බැහැ. ඒ නිසා මේ ලිවෙකා හා දරුවන්ට උදව් කරන එක ඔබේ යුතුකම හා වගකිම. මම යොජනා කරනවා දරුවාගේ අධ්‍යාපනයට උදව් කරන්න. ඊට අමතරව රුපියල් ලක්ෂ පහක ස්ථාවර ගිණුමක් තැන්පත් කර දෙන්න. අර්ථ සාදක ගෙව්වේ නැත්නම් ඉට වඩා ගෙවන්න.
දැන් මේ දරුවන්වත් එක්කර ගෙදර දානයක් පිරි නමා පිං අනුමොදන් කරන්න. සැනින් අවිශ්ට වු භුත ආත්මය මට දිල්ෂාන් මහත්තයා විශ්වාසයි මම යනවා මම ඉවත් වෙලා යනවා. කියා ඉවත්වී ගියේය…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!