Gossip

මගේ නැන්දා තමයි මේ තැනට මාව ගෙනාවේ… විද්‍යාඥයෙක් වෙන්න ආසයි

cvr-82

මේ දිනවල කාගෙත් වැඩි අවධානය දිනා ඇතිි ”‍සිඳු”‍ ටෙලිනාට්‍ය හඳුන්වනාවා නම් එය වරදක් නොවේ. ළමා චරිත සඳහා වැඩි තැනක් ලබාදී ඇති මෙම නාට්‍යයේ චරිත අතරින් මේ වෙනකොට ගොඩක් අය දන්නා ”‍සිඳු”‍ හි මලිත සමඟ කතාබහට අපි මලිතගේ නිවසට ගියෙමු.

ඉතිං මලිත කොහොමද මේ දවස් වල?මොනවද කරන්නේ?

හොඳින් ඉන්නවා. ඉස්කොලේ යනවා…ෂුටිං යනවා…ඔය දේවල් තමයි.

මලිතගේ ඇත්ත නම මොකද්ද?

නෙත්ම අකාෂ්මිත.

‘සිඳු’ ටෙලිනාට්‍යයේ කැමති අවස්ථා තියෙනවද?

ඔව්.. ගොඩක්ම ආස වැවේ නාන්න තමයි.

‘සිඳු’ නාට්‍යයේ කැමතිම කෙනෙක් ඉන්නවද?

එහෙම නෑ. හැමෝටම කැමති.

මේ වෙනකොට වෙන ටෙලි නාට්‍යවල රඟපාන්න අරාධනා ලැබිලා තියෙනවද?

ඔව් දෙක තුනකටම කතා කළා. ඒත් භාර ගත්තේ නෑ.

ඒ ඇයි?

ඉස්කොලේ වැඩත් එක්ක තමයිි ”‍සිඳු”‍ ටෙලි නාට්‍යයේ ෂුටිංවලට යන්නේ. හැමදෙයක්ම භාර ගත්තොත් මට ඉස්කොලේ වැඩ මග හැරෙයි කියල හිතෙනවා. ඒකයි.

‘සිඳු’ කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා නෙත්මට මොනවද කියන්නේ?

ඒ මමලා හැමෝම අපි ඔක්කොටම ගොඩක් ආදරෙයි. ඒ වගේම එයලා ගොඩක් හොඳයි.

නෙත්මගේ ඉදිරි බලපොරොත්තු මොනවද? දිගටම රඟපානවද?

විද්‍යාඥයෙක් වෙන්න ආසයි…ඒ වගේම රඟපානවා.

නෙත්මගේ ඉස්කොලේ මොකද්ද?

නෙත්මගේ ආසම විෂය මොකද්ද?

විද්‍යාව

නෙත්මගේ ඉස්කොලෙන් උදවු ලැබෙනවද මේ දේවල්වලට?

මගේ ටීචර් නිරෝෂා හේරත්. ටීචර් ගොඩක් උදවු කරනවා. මට මඟඇරෙන නොට්ස් ටීචර් මට ෆොටෝකොපි ගහල දෙනවා. ඊට පස්සේ මම ගෙදර ඇවිත් ඒවා පාඩම් කරනවා.

නෙත්මගේ පවුලේ වෙන කවුද ඉන්නෙ?

තාත්තා ඉන්නේ රට, අම්මයි, නංගියි, අච්චියි, සීයා

නෙත්ම මේ වෙනකොට ගොඩක් අය දන්නවා. කියන්නකො නෙත්මට මේ තැනට එන්න කවුද උදව් කළේ කියල?

මගේ නැන්දා. නැන්දා වෙළෙඳ දැන්වීම්වලට ඉඳලා තියනවා. නැන්දා තමයි මාව මේ තැනට ගෙනාවේ.

දිනුෂා මධුෂානි (නෙත්මගේ මව*

අද පුතා ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?

අද පුතා ඉන්න තැන ගැන ලොකු සතුටක් තියනවා. ඒ වගේම පුංචි ආඩම්බරේකුත් තියනවා. මොකද අපි ආදරේ කරනවා වගේම හැම කෙනෙක්ම පුතාට ආදරය කරනවා. පුතා දක්ෂයි. එයා රඟපානවා කියලා පාඩම් වැඩ අතපසු කර ගන්නෙත් නෑ. මලිත කියන චරිතෙට අඩුවක් කරන්නෙත් නෑ. හැමදෙයක්ම සමබරව කරනවා. ඒ දේවල්වලට මමත් එයාගේ තාත්තා විදේශ ගතව සිටියත් තාත්තාත්, පුතාගේ ගමන වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. ඒ වගේම පුතාගේ ටීචර් මතක් කරන්න  ඕනේ. පාසලේ වැඩ කටයුතුවලට ටීචර්ගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ වෙලාවේ දෙරණ නාළිකාවේ කාර්යමණ්ඩලයට ස්තූති කරන්න  ඕනේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!