Gossip

රාත‍්‍රියේ ඇඟ විකුණා දවල්ට පාසල් යන යුවතියෝ (වීඩියෝ)

covr

අප‍්‍රිකානු රටක්‌ වන සියරා ලියෝනයේ පාසැල් සිසුවියන්ගේ සිට යුවතියෝ දක්වා තම ශරීරය විකුණා මුදල් ඉපැයීමේ අවාසනාවන්ත ඉරණමකට තල්ලූ‍වී සිටිති.

එරටේ පාසැල් අධ්‍යාපනය ලැබීමට සිසු සිසුවියන් වාර්ෂිකව පවුම් හතලිහක්‌ ගෙවීමට සිදුව තිබේ. මූලික අධ්‍යාපනය ලබාගැනීම අනිවාර්ය බැවින් දැන් දුප්පත්කම පසක තබා ළමුන් සිය ශරීරය විකුණා පාසල් යාමට පුරුදුව සිටිති.නමුත් මේ රැකියාව නිසා ඕනෑවටත් වඩා වැඩියෙන් මුදල් ලැබෙද්දී ඇතැම් තරුණියන් පූර්ණකාලීනව ගණිකා වෘත්තීයේ යෙදී තම ජීවිතය විනාශ කරගන්නා තත්වයක්‌ උදාවී තිබේ. පාසැල් ගාස්‌තුව ගෙවීම් සඳහා මුදල් ඉපැයීම යනුවෙන් ආශාබස්‌ කියා පාසැල් ශිෂ්‍යාවන් හා තරුණියන් අතරමං කරවන දරුණු ජාවාරමක්‌ ඒ සමගම එම පරිසරය තුළ නිර්මාණය වී තිබේ.

ප‍්‍රමාණවත් දැනුවත් කිරීමක්‌ නැතිනිසා පිරිමීන්ගේ ආශාබස්‌ වලට රැුවටී තරුණියන් ගැබ් ගැනීම එරට දැන් ප‍්‍රබල ගැටලූ‍වකි. අවසානයේ මවට හා දරුවාට සුලූ‍ වේතනයකට මෙහෙකාරකම් හෝ සුලූ‍ රැකියාවක්‌ කිරීමේ තත්වයකට කාන්තාව තල්ලූ‍ වී ඇත.එරට සිටින තරුණියන් විශාල සංඛ්‍යාවක්‌ රාත‍්‍රී කාලයේ ගණිකා වෘත්තියේ නියෙලී දහවල් කාලයේ පාසැල් යන සිසුවියන්ය. රාත‍්‍රිය මුලූ‍ල්ලේම නිදිවරා ඇයට උපයාගත හැක්‌කේ පවුම් 9ක්‌ වැනි සුලූ‍ මුදලකි. එම මුදල ආහාරපාන, නිළ ඇදුම්, පාසැල් පොත්, අධ්‍යාපන ගාස්‌තු ආදි සියල්ල ගෙවීමට ප‍්‍රමාණවත් නොවේ.

සියරා ලියෝනයේ යුවතියෝ 20,000ක්‌ පමණ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණපා සිටිති. එරට වීදි දරුවන් මගපෙන්වීමට තවමත් සිවිල් සංවිධානයන් හා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමුවී නැත. ලෝකයේ තවමත් මෙවැනි දරුණු අවාසනාවන්ත ඉරණමට මුහුණ පාන රටවල් ඉතුරුවී තිබේ. සියරාලියෝනය ඉන් එක්‌ නිදසුනක්‌ පමණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!