Gossip

චීනයේ ෂැන්හයි නගරයේ ගැලවුම්කරු – Photos

චීනයේ ෂැන්හයිහි ඇති පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෝකයේ විශාලම ගුවන්තොටුපොලවල් අතරින් එකක් ලෙස හැදින්විය හැකියි..
ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 9 වන ස්ථානයත් ආසියාවෙන් 5 වන ස්ථානයත් පු‌ඩොන්ග් ගුවන්තොටුපොල හිමිකරගන්නවා.මෙය බොහෝවිට කා අතරත් කතාබහට ලක්වන්නේ ශැන්හායි නගරයේ ගැලවුම්කරු ලෙසයි.
ෂැන්හායි ගුවන්තොටුපොල පිහිටා තිබෙන්නේ ශැන්හායි නගර මධ්‍යයේ කිලෝමීටර 30 නැගෙනහිරට වන්නටය.
චීනයේ ප්‍රධාන ගුවන්යානා හැසිරවීමේ මධ්‍යස්ථානය මෙය වන අතර ප්‍රධාන මන්තීරු 4කින්, චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුතු අතිරේක මංතීරු 2කින් සහ ටමිනල් 2කින් සමන්විත වෙනවා.
මෙම ගුවන්තොටුපොල වාර්ෂිකව මගීන් මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් හසුරවන බවයි සදහන් වනනේ.
ඔවුන් විසින් සපයන සේවාවන් හා පහසුකම් අතර වි‌ශේෂ අවශ්‍යතාවන් ඇති මගීන් සදහා විශේෂ සහයන්ද, ව්‍යාපාරික මධ්‍යස්ථානයක්ද, හදිසි ඇමතුම් පහසුකම්ද, බැංකු සහ මුදල් හුවමාරැ පහසුකම් ද, සලසා දී තිබෙනවා.
ශැන්හායි පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොල හරහා ගමන් ගන්නා මගීන්ට ගුවන්තොටුපොලෙහි පැය කිහිපයක් රැදෙන්නට සිදුවූහොත් ඒ වෙලාව ගත කරන්න ඔවුන්ගේ සාප්පු සංකීර්ණයෙන් තීරුබදු රහිත ඉතා අඩු මුදලින් යුතු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවද, මහන්සිය නිවාගැනීමට සුවපහසු විවේකාගාර ද,ආහාර ගැනීමට චීන සහ කොරියානු අවන්හල්ද, ස්ටාර් බක්ස් ආපන ශාලාවක් වැනි පහසුකම් රැසක් ගුවන්තොටුපොල විසින් සලසා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!