Gossip

චාලි ඔස්ටින්ට වැදුණු කළු පැල්ලමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයින් කළමණාකරණය කරන අලුත්ම ඩීල් එක අතට ගත් ෂාම් කවුද ? – Photos

පසුගිය කාලේ පුරාවටම කතාබවට ලක්වුණු නමක් තමයි චාලි ඔස්ටින්.
ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ කළමණාකරු ලෙස චාලි ඔස්ටින් කටයුතු කළා.
ක්‍රීඩා ඇමතිවරයා, ක්‍රිකට් සභාපතිවරයා මෙන්ම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ද චාලි ඔස්ටින් ගැන අදහස් පලකළා.
චාලි ඔස්ටින් විසින් ක්‍රීඩකයින්ගෙන් මුදල් ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකු ප්‍රශ්න කර සිටියා.
ඇතැම් ප්‍රවීන ක්‍රීඩකයින් පවසා සිටියේ චාලි ඔස්ටින් විසින් ක්‍රීඩකයින් කළමණාකාරණය කරන මුවාවෙන් ඔවුන්ගෙන් මුදල් ලබාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව තුල ඩීල් දමන බවයි.
මෙම චෝදනා නිසාවෙන් චාලි ඔස්ටින් හට විවිධ පාර්ශව තුළින් එල්ල වූ කළු පැල්ලම මකාගැනීමට තවත් අයෙකු ඔහුගේ රාජකාරිය සඳහා යොදවා ඇති බවටද පවසමින් දැන් පුවත් පැතිරෙනවා.
ෂාම් නම් වන අදාල පුද්ගලයා දැනටත් ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයින් රැසකගේ කළමණාකරු ලෙස සේවයට පත්ව ඇති අතර ඔහුද පෙර චාලි ඔස්ටින් විසින් සිදුකළ කර්තව්‍යය එසේම සිදුකරගෙන යන බවටයි ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම තමන් විසින් චාලි ඔස්ටින්ගෙන් පසුව ක්‍රීඩකයින් රැසක් කළමණාකරණය කරන රාජකාරිය භාරගත් බව ෂාම් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ පවසා තිබෙන්නේ අන් අයට ඔහු කවුරුන්ද, කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බලෙන්ම ඇඟවීමේ අරමුණින් බවටයි ඔහු ඇසුරු කළ පිරිස් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරීන් සමඟින් පවසා ඇත්තේ.
එමෙන්ම ෂාම් විසින් රාත්‍රී සමාජශාලා තුළට නවක ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්වා ගන්නා බවටත් ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙන අතර ඉන් පසුව මෙම ක්‍රීඩකයින් ඔහු යටතේ කළමණාකරණය කරගන්නට කැමති කරවා ගැනීමට රාත්‍රී සමාජශාලා තුලදීම ඔහු යෝජනා ඉදිරිපත් කරන බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.
මේ අතර පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මුදලට තරඟපවා දීමේ සිද්ධීන්ට සම්බන්දදැයි ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණා. එහි ඇන්ජලෝ මැතිව්ස්ද සිටි අතර ඇතැම් ක්‍රිකට් බලධාරීන් පවසා සිටින්නේ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයින්ට මෙම චෝදනා එල්ලවනවා සේම ඔවුන්ගේ කළමණාකරු ලෙසින් කටයුතු කරන පුද්ගලයින්ගෙන්ද මේ පිළිබඳව ගැඹුරින් ප්‍රශ්න කළ යුතු බවයි.
මන්ද මේ සියල්ල සිදුවන්නේ විවිධ ඩීල් මත බවත් ඒ සඳහා සෘජුවම කළමණාකාරුවන් සම්බන්ධ වන බවටත් දැන් දැන් ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ අනුව චාලි ඔස්ටින්ගෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඩීල් අතට ගත් ෂාම්ද එක්තරා ආකාරයකින් මේ සඳහා සම්බන්ධ වී ඇත්දැයි ක්‍රිකට් බලධාරීන්ට මේ වන විටත් සැකයක් ඇතිව තිබෙන බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!