Gossip

යාපනය මුහුදුබත් වන බවට කිව්ව අනාවැකිය හරියටම හරි?

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහ මුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5කින් පමණ ඉහළ ගොස් තිබෙන බව එම ප්‍රදේශවල ධීවර ජනතාව දැනුම්දී ඇති බව අපි ඔබට ඊයේ දිනයේ වාර්තා කළා.

ඔවුන් පවසා තිබුණේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5කින්ද මුලතිව් මුහදේ ජල මට්ටම අඩි 5කින්ද ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අභාවප‍්‍රාප්ත සෙනවි එපිටවත්ත මහතා විසින් 2015 දෙසැම්බර් 31 වන දින ප‍්‍රකාශ කළ අනාවැකියක් ගැන අපට දැනගන්නට ලැබුණා.

ඒ අනුව යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවටයි ඔහු පවසා තිබුණේ. දැනට පවතින ජල මට්ටම සෙන්ටිමීටර 50කින් ඉහළ යාමෙන් අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවයි ඒ මහතා එකළ පෙන්වා දුන්නේ.

ඉදිරි වසර 05ක කාළය තුළ යාපනයේ පිරිසිදු පානීය ජලය මුහුදු ජලය සමග මිශ‍්‍ර වෙනවා. ප‍්‍රදේශයේ පවතින හුණුගල් තට්ටු, ජලය සමග දියවී විශාල ඇලි හෑරීමයි එයට හේතුව. මෙම ගැටලුව ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා මතුකරන්නේ අර්බුදකාරී තත්වයක්. මුහුුදු ජලය පිරිසිදු කිරීම හෝ වෙනත් ප‍්‍රදේශවලින් පානීය ජලය යාපනයට බෙදා හැරීම මගින් ඇතිවන තත්වය තරමක් දුරට පාලනය කරගත හැකි බව මහාචාර්ය සෙනවි එපිටවත්ත මහතා ප‍්‍රකාශ කළා.

මෙහි විශේෂත්වය වන්නේ මෙතුමා මියගොස් මාස 03ක් ගතවීමට මත්තෙන් එම අනාවැකිය ඒ ආකාරයෙන්ම සිදුවීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!