තරු හුට පට

අපායේ රස දරාගත හැකි මහසොහොන් බලකායේ රහස් පිටවෙයි (වීඩියෝ)

cover

 

දිගුදුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුළ සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බලකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.

ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් ස්ථාපිත කරන ලදී.මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුළට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී. අද දක්වා කිසිවෙකුටත් පටිගත කිරීමට ඉඩ නොලද මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට රජය කටයුතු කළේය. History නාලිකාවේ කුතුහලය “Curiosity” වැඩසටහන මගින් මෙම අභීත සේනාංකයේ ඇතුළත විමසා බලමින් ඔබ නොදුටු ශ්‍රී ලාංකීය දිගු දුර විහිදුම් බලකායේ ත්‍රාසජනක වික්‍රමාන්විත හා පුහුණු ක්‍රියාවලිය ලොවට ගෙනහැර පායි . මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින් අරම්භ වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .

LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි. මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් දැනටමත් යුද හමුදාවේ, විශේෂ බලකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි. එහිදී මෙම ස්වෙච්ඡා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ. එම සති තුනක “අපායේ රස” දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර “මහසොහොන්” බලකායට එක්කරගනු ලබනවා. සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!