තරු හුට පට

අමන්දා නිරුවත් වීමට සුදානම් ?(ඡායාරූප)

cover

 

“කිංග්ෆිෂර්”, “වෝග්” හා “මැක්සීමම්” යන සඟරා ත්‍රිත්වයේ මුල් කවරය සැරසීම සඳහා අවස්ථාව ලැබුණහොත් තමා ඒ සඳහා “කිංග්ෆිෂර්” සඟරාව තෝරා ගන්නා බව නිරූපණ ශිල්පිණි නිලුක්ෂි අමන්දා සිල්වා පවසයි.

එහි වැඩි වශයෙන් අඩ නිරුවත් ඡායාරූප පළවුව ද තමාට ඒ සඳහා අවශ්‍ය අලංකාර සිරුරක් ඇති බවත් ඒ මැගසින් එකට අවශ්‍ය කරන ඡායාරූපවලට සරිලන ඇඟක් තමා සතු බවත් ඇය කියයි.

“එහෙත් ලංකාවේ වගේ එවැනි මැගසින් එකක් කරනවා නම් මම කීයටවත් මේ මැගසින් එකේ මුල් කවරයට හරි ඡායාරූපවලට හරි පෙනී හිටින්නේ නැහැ. මොකද, මේ වගේ මැගසින් එකකට හරියන ඕඩියන්ස් එකක් ලංකාවේ නැති නිසා.”යනුවෙන් ඇය පවසයි.

ඒ පිළිබඳ මාධ්‍ය සමග ඇය දැක් වූ වැඩිදුර අදහස් පහතින්,

ලංකාවට අමතරව අමන්දා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කැමති රට?

ඉතාලිය හරි ප්‍රංශය හරි. ඒ රටවල් දෙකේ මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරන්න මම ගොඩක් කැමතියි.

දැනට නිරූපිකාවක් විදිහට අමන්දා දායක වෙලා තියෙන හොඳම නිරූපණ ප්‍රසංගය මොකක්ද?

වේ පැවති “අයිෆා” සම්මාන උලෙළට සමගාමිව පැවති මොඩ්ලින් ෂෝ එකට. මේ ඉවෙන්ට් එකට ලංකාවෙන්ම තෝර ගත්තේ ෆීමෙල් මොඩල්ස්ලා නව දෙනයි. හැබැයි මේ මොඩල්ස්ලා නවදෙනා තෝරා ගත්තෙත් තරගයක් තියලා. ඊට අමතරව මම 2009 අවුරුද්දේ ඉඳලා මේ දක්වා “කොළම්බෝ ෆැෂන් වීක්” එකට සහභාගී වෙලා තියෙනවා.
ඉන්දියාවේ “ලක්මි” විලාසිතා දැක්ම, අමෙරිකාවේ නිව්යෝර්ක්” විලාසිතා දැක්ම, ජපානයේ “තෝකියෝ” විලාසිතා දැක්ම එකම දවසක තියෙනවා. මේ සඳහා අමන්දට ආරාධනා කරනවා?

තෝර ගන්නේ ඇමෙරිකාවේ තියෙන “නිව්යෝර්ක්”ෆැෂන් ෂෝ එක. එක තෝර ගන්න ලොකු හේතුවකුත් මට තියෙනවා.

මොකක්ද හේතුව?

හේතුව ලොකු රහසක් කියන්න බැරි තරම්.

ඉන්දියාවේ ප්‍රකට සඟරා තුනක් තමයි “කිංග්ෆිෂර්”, “වෝග්” හා “මැක්සීමම්” කියන්නේ. මේ සඟරාවල මුල් කවරය සරසන්න අමන්දාව තෝර ගන්නවා?
“කිංග්ෆිෂර්” මැගසින් කවර් එක මම තෝර ගන්නවා.

හැබැයි “කිංග්ෆ්ෂර්” සඟරාව තුළ ගොඩක්ම පළ වෙන්නේ අඩ නිරුවත් ඡායාරූප?

ඕව්, මට ලස්සන ඇඟක් තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒ මැගසින් එකට අවශ්‍ය කරන ඡායාරූපවලට සරිලන ඇඟක් මට තියෙනවා කියලා. හැබැයි ලංකාවේ වගේ මේ මැගසින් එක කරනවා නම් මම කියටවත් මේ මැගසින් එකේ මුල් කවරයට හරි ඡායාරූපවලට හරි පෙනී හිටින්නේ නැහැ. මොකද, මේ වගේ මැගසින් එකකට හරියන ඕඩියන්ස් එකක් ලංකාවේ නැති නිසා.

“කිංග්ෆ්ෂර්” සඟරාවේ පළවන ඡායාරූප දැකලා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගීත රූප රචනා නිර්මාණකරුවෙක් වගේම වෙළෙඳ දැන්වීම් ආයතනයක් ඔබට කතා කරනවා ඔවුන්ගේ අලුත්ම නිර්මාණයට?

ලංකාවේ නම් මේ වගේ මැගසින් එකක් දැකලා කවුරු හරි තමන්ගේ වැඩේට මාව බලාපොරොත්තු වෙනවා නම් මම කියටවත් ඔවුන්ගේ වැඩේ භාර ගන්නේ නැහැ. කලින් කිව්වා වගේ ලංකාවේ ඕඩියන්ස් එකට ඒ වගේ නිර්මාණයක් ගැළපෙන්නේ නැහැ.
“කිංග්ෆිෂර්” කියන්නේ ඉන්දියාවේ සඟරාවක්. ඒ නිසා ඔබට බොලිවුඩ් චිත්‍රපටයකට කතා කරනවා?

කල්පනා කරලා බලනවා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඒ වගේ මැගසින් එකකට සම්බන්ධ වුණා කියලා චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබුණත් සමහරක් විට මම ඒක ප්‍රතික්ෂේප කරයි. මොකද, මම මගේ වෘත්තියට අදාලව මම මැගසින් එකට දායක වුණාට චිත්‍රපටයකට සම්බන්ධ වෙලා රඟපාන එක ගැන මට ලොකුවට හිතන්න ඕනා දෙයක්. මොකද, ගැණු ළමයෙකුට ලස්සන වගේම හොඳ චරිතයක් තිබීමත් ගොඩක් වැදගත් නිසා.

නිරූපණ ශිල්පිණියකගේ කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණ බොලිවුඩ් චිත්‍රපට තුනක් තමයි “ෆැෂන්”, “කැලැන්ඩර් ගර්ල්ස්” හා “හීරෝයින්” කියන්නේ. මෙහි දෙවැනි නිර්මාණ සඳහා අමන්දට ආරාධනා කරනවා?

“හීරෝයින්” කියන්නේ මම කැමති ෆිල්ම් එකක්. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මම ඒ චිත්‍රපටය තෝර ගන්නවා. මම හිතෙනවා ඒ චරිතයට මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.

හැබැයි මේ චිත්‍රපටයේ සරාගී දර්ශන තියෙන චිත්‍රපටයක්. අධ්‍යක්ෂවරයා ඔබට යෝජනා කරනවා ඔබ කැමති බොලිවුඩ් තරුවක් මේකට සම්බන්ධ කරගන්න?
ඔයාට උත්තරයකුත් ඕනා නිසා මම පිළිතුරක් දෙන්නම් රිතික් රෝෂන් එක්ක රඟපාන්න මම කැමතියි.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්,

උපුටා ගැනීමකි.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!