Gossip

”අතේ සල්ලි නැතත් එයා ණය වෙලා හරි හැමෝටම උදව් කළා.. මැරිලා යන ටිකටනෙ අපි මේ හැමදේම කරන්නෙ… එයා වැරදි වැඩ නොකර හැමදේම අත්හැර බොරළු වළක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවෙ”

වෙඩි වැදෙනවාත් සමග අයිය (ඉරෝන් රණසිංහ) ඔලුව කෙලින් කර වෙඩි තැබූ අය දෙස බැලුව.වෙඩි වැදුනට පසු විනාඩි පහක් විතර
අයිය හොඳට හිටියා. පස්සේ තමයි අයිය රියදුරු අසුනේ අනික් පැත්තට ඇද වැටුණේ.දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවාත් සමග
පසුපසින් පැද්දි පැද්දි කැබ් එකකුයි ,ස්කුටි මෝටර් සයිකලයකුයි ආවා.මම හිතනව ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියට
වෙඩි තියන්න ඇත්තෙ කියල යැයි අනුරාධපුර  දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව
ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්.ලොක්කා නමැත්තාගේ පෙම්වතිය වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි
තිලිණි නදීෂා වීරසිංහ පැවසුවාය.

අනුරාධපුර කාර්මික පෙදෙසේ සිය සහෝදරයාගේ නිවසේ තැන්පත් කර තිබෙන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්.ලොක්කාගේ නිසල
දේහය අසල හඬා වැටෙමින් ඇය සිය අත්දැකීම් විස්තර කරමින් මේ බව කීවාය.

ඝාතකයින් අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඉරෝන් රණසිංහ සමග මෝටර් රථයේ ගමන් ගත් තිලිණි නදීෂා වීරසිංහ නමැත්තිය
සිය අත්දැකීම වැඩිදුරටත් මෙසේද විස්තර කළාය.

අයියා (ඉරෝන් රණසිංහ) ජිම් එකට ගිහින් ව්‍යායාම කර කාර් එකෙන්  මා සමග ගෙදර යන ගමන් මේ සිදුවීම වුණේ. වෙනදා වගේ අයිය කාර් එක වේගයෙන් පැදෙව්වා. මම එත් අයිය මොකුත් කිව්වෙ නෑ.අයිය රේල් ගේට්ටුව අසලදී කාර් එකේ වේගය අඩු කරනවාත් සමග එකවරම ඩොං, ඩොං ගාල ශබ්දයක් ඇසුණා.මම ඒ වෙලාවේ හිතුවේ රතිඤඤ වෙන ඇති කියල.

ඒ වෙලාවේ අයිය ඔලුව කෙලින් කර වෙඩි තැබූ අය දෙස බැලුව. වෙඩි වැදුනට පසු විනාඩි පහක් විතර අයිය හොඳට හිටිය.පස්සේ තමයි
අයිය රියදුරු අසුනේ අනික් පැත්තට ඇද වැටුණේ.දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවාත් සමග පසුපසින් පැද්දි පැද්දි
කැබ් එකකුයි ,ස්කුටි මෝටර් සයිකලයකුයි ආව.මම හිතනව ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියට වෙඩි තියන්න ඇත්තෙ
කියල.

කලින් දවසේ රෑ අපේ ගෙදර අවිත් ආපසු යන කොට අයිය කිව්ව නංගි අයියට පොඩි සීන් එකක් (මරණිය තර්ජනයක්) තියෙනවා. ඒ
හින්ද ඉක්මනින් ගෙදර යන්න ඕන කියල ගියා. මම ඒ වෙලාවෙ අයියට කිව්ව යන්න පොඩ්ඩක් ඉඳලා යන්න කියල. කවුරුන් හෝ
මොනවා හරි කියා තිබු නිසා අයිය සිද්ධිය වූ දිනට පෙර දින ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ.

මෑත කාලයේ අයිය කිසිඳු නරක වැඩක් කළේ නෑ. අතේ සල්ලි නැතත් එයා ණය වෙලා හරි හැමෝටම උදව් කළා. කොහෙන්ද ඔය හැටි
වියදම් කරන්න සල්ලි කියල අයිය ගෙදර ආවම මම ඇහුවම. මැරිලා යන ටිකටනෙ අපි මේ හැමදේම කරන්නෙ. කොහෙන් හරි ඉල්ලා ගෙන
තමයි මේ හැමදේම කරන්නෙ මැණිකේ කියල ඒ වෙලාවට කියනවා.

එයා වැරදි වැඩ නොකර හැමදේම අත්හැර බොරළු වළක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවෙ. අයිය අනුරාධපුරේ ඉන්න ආසවක් තිබුණේ
නෑ. උසාවි යන්න තියෙන නිසා අනුරාධපුරේට ආවෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!