බොලිවුඩ්

ලිංගික වෙළඳාම ප්‍රශ්නයක් නැහැලු

Amnesty International නම් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනය ලිංගික වෙළඳපොළ අනුමත කිරීමේ තීරණයකට එළඹී තිබෙනවා.

මේ අනුව ලිංගික සේවා සැපයීම දඬුවම් ලැබිය යුතු සාපරාධි ක්‍රියාවක් නොවන බව ඔවුන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇත.

මෙම තීරණය හරහා ලෝකයේ විවිධ රටවල ලිංගික ශ්‍රමිකයන්ට එරෙහිව සිදුවන දඬුවම් පැමිණවීම්වලට එරෙහිව බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව ඔවුන්ගේ අදහස වෙයි.

නමුත් මෙම තීරණයට විරෝධය පළ කරන වෙනත් කාන්තා සංවිධාන පවසන්නේ මේ හරහා තැරැව්කරුවන් සහ ගණිකා නිවාස පවත්වාගෙන යන්නන්ට තම කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවස්ථාව උදාවෙන බවයි.

Amnesty International ආයතනය මෙම තීරණය ගැනීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ ලිංගික වෙළඳාම අපරාධයක් නොවන බව සැළකීම හරහා ලිංගික ශ්‍රමිකයන්ගේ මානව අයිතීන් සුරැකීමයි.

මේ පිළිබඳව අදහස් දක්වන Amnesty International හි ලේකම් සලීල් ශෙට්ටි පවසන්නේ ලිංගික ශ්‍රමිකයන් ලෝකයේ වෙසෙන අවම වරප්‍රසාදිත පුද්ගලයන් වන බව සහ ඔවුන්ට එරෙහිව විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීම් මෙන්ම අපචාර වාර්තා වන බවයි.

මෙම තීරණය හරහා ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ අයිතීන් සුරැකීමේ මාර්ගය විවෘත වෙනු ඇති බව ඔහුගේ අදහසයි. මෙම නව ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සහ කාන්තාවන් පිළිබඳ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ගත් තීරණයක් බව Amnesty International ආයතනය පවසා ඇත.

11111111111111

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!