හොලිවුඩ්

උඩු ගුවනේ රූගත කිරීමට යන නිල් චිත්‍රපටියට අරමුදල් හිඟවෙයි (වීඩියෝ)

33

 

2017 වර්ෂය වනවිට අභ්‍යවකාශය තුළ අසැබි චිත්‍රපටයක් රූගත කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ එක්තරා වෙබ් අඩවියක් විසින් ආරම්භ කරනු ලැබීය.

ඒ සඳහා ඔවුන් විසින් මුදල් සඳහා අරමුදලක් පිහිටුවන ලදී.

එම මුදල් සඳහා එම අසැබි වෙබ් අඩවිය වෙත පැමිණෙන අය විසින් මුදල් පරිත්‍යාගයන් සිදුකර තිබේ. නමුත් මෙම නිල් චිත්‍රපටය සඳහා අවශ්‍ය මුදල වූයේ ඇමෙරිකානු ඩොලර් 3,400,000 මුදලක් වුවද මේ අරමුදල සඳහා එකතු වී ඇත්තේ එයින් 7% ක ප්‍රමාණයකි. මුදල්මය වශයෙන් බැලූ විට $236,086 පමණ මුදලක් මේ සඳහා එකතු වී ඇත්තේ.

කෙසේ නමුත් මෙම සමාගම මේ වනවිට අරමුදල එකතු කිරීමේ කටයුතු අවසන් කර ඇත. මීට අමතරව ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් විශාල ප්‍රමාණයක් මේ සඳහා අනුග්‍රාහක භවතුන් ලෙස ඉදිරිපත් වුවද එය ප්‍රමාණවත් නොවූ බව මෙම සමාගම පවසයි.

Sexploration ලෙස නම් කර ඇති මෙම නිල් චිත්‍රපටයේ වැඩිම වියදම ඇත්තේ, අභ්‍යවකාශයේ යානය සඳහා බවයි ඔවුන් පවසන්නේ. මේ සඳහා නළු නිළියන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ, Eva Lovia සහ Johnny Sins යන නිල් චිත්‍රපට රංගන ශිල්පීන් දෙදෙනායි. අරමුදල වෙනුවෙන් එකතු මුදල සමග ඉදිරියේදී අභ්‍යවකාශයේදී නොව මේ විදයම යොදා කර ගත හැකි නිල් චිත්‍රපටයක් එළිදක්වන බව එම අසැබි වෙබ් අඩවිය සඳහන් කර ඇත.

 

ss1 ss2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!