Gossip

“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් සුපිරි රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්තු රංගන ශිල්පිනියක්.
පසුගිය කාලේ ඇයව වැඩිය දකින්න ලැබුණේ නෑ.
ඒ ඇයි..? මේ හැමදේ ගැනම සේමිණී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට උත්තර දීලා තිබුණා

සේමිණි දැන් ඇයි නිහඬ?
අපි රඟපාන්න පටන් ගත්ත කාලේ ටෙලි නාට්‍ය කියන්නේ එච්චර සරලව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
අද වෙද්දී නාට්‍ය කියන දේ සරල වෙලා. අනෙක මුදල් ප්‍රශ්න. මගේ මහන්සියට සරිලන ගෙවීමක් නැති වුණොත් මම නිර්මාණ භාරගන්නේ නැහැ. මේ තත්ත්වය නිසා මම අවුරුදු පහක් කිසිම ටෙලි නාට්‍යයක රඟපෑවේ නෑ. ඔය නිසයි මම නිහඬයි කියලා පේනවා ඇත්තේ.

ඒත් ඔබ පසුගිය වසරේ ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා නේද?
ඔව්. අවුරුදු පහකට පස්සේ කළ ටෙලි නාට්‍යයක් ඒක. එම නාට්‍ය මේ මාසේ ඉඳලා විකාශය වේවි.

28 චිත්‍රපටයෙන් පසු සිනමාවෙනුත් ඔබ දැක්කේ නෑ?
28න් පසු එක චිත්‍රපටයක රඟපෑවා. නමුත් එය 28 තරම් සුවිශේෂී වෙයි කියලා කියන්න බෑ.

ඔබ වැනි අය නිහඬ වන තරමට වෙන අයට ලැබෙන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ ගැන ඔබට සතුටුද?
ඒකට කමක් නෑ. අලුත් පරපුරක් බිහි වීම අත්‍යවශ්‍යයි. කවුරු කොහොම ඒ දේ භාරගනීද දන්නේ නෑ. හැබැයි මට නම් ඒ ගැන සතුටුයි. හෙට වුණත් මම රඟපෑමෙන් අයින් වෙන්න පුළුවන්.
හැබැයි ඒ සතුටින්. මට ලැබුණු හැම චරිතයකටම මම සාධාරණය ඉෂ්ට කළා.
රඟපෑම ගැන මට ලෝබකමක් නෑ. කා ගැනවත් මගේ හිතේ ඊර්ෂ්‍යාවකුත් නෑ.

ඒ කියන්නේ සේමිණි රංගනයට සමුදෙන්න සූදානම්ද?
එහෙම තීරණයක් තවම නම් අරගෙන නෑ. නමුත් හොඳ නිර්මාණයක් මට ගැළපෙන දෙයක් නොලැබුණොත් මම මෙහෙමම ඉඳීවි.
මගේ දුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. ඇයට උදවු කරන ගමන් ව්‍යාපාර කටයුතු දියුණු කරන්න තමයි අද දවසේ මම වැඩිපුරමවෙහෙසෙන්නේ.
ඉදිරියේදී 28 චිත්‍රපටය සමඟ යුරෝපා සංචාරයක් තියෙනවා. ඒ ඇර කලාව පැත්තෙන් නම් අලුත් දෙයක් නෑ.

බිරියක්, මවක් විදිහට ඔබ විසින් දාගත් යම් යම් සීමා ඇතුළේ රංගනයේ සීමා වැටෙනවාද?
ඉබේම වැටෙනා සීමා හැරුණාම මා විසින් පනවා ගත් දේවල් නම් නෑ.
නමුත් මම හැම වෙලාවේම මුල්තැන දෙන්නේ මව, බිරිය කියන භූමිකාවලට. ඒ වගේම මගේ පෞද්ගලික දිවියට කිසිම විදිහක පුළුවන්කමක් ලැබුණේ නෑ, මගේ රංගන දිවියට බලපෑමක් කරන්නත්.

පසුගිය කාලේ ඔබ හා ක්‍ෂේත්‍රයේ ඇතැමුන් අතර යම් යම් මත ගැටුම් පැවතියා. දැන් ක්‍ෂේත්‍රයේ යාළු මිත්‍රකම් තියා ගන්නේ ගානටද?
කා එක්කවත් ප්‍රශ්නයක් නෑ. හැම කෙනාවම ආශ්‍රය කරනවා.
ඒ මොහොතට අවශ්‍ය වෙලාවට තියෙන හිතවත්කම ඇරෙන්න කාවවත් ඇඟේ දාගෙන කරේ දාගෙන ආශ්‍රය කිරීමක් මගේ නෑ. ඊට වඩා මට වැඩ තියෙනවා කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!