Gossip

ආදරයේ උච්චතම අවස්ථාව තමයි රාගය කියන්නේ.මට ආදරය කරන්න හිතුන හැම කෙනාටම මම ආදරය කරලා තියෙනවා.

අපේ රටේ දක්ෂ නිළියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ.
ඇය සමහර වෙලාවට පුවත් මවන චරිතයක්ද වුණා.
කොහොම වුණත් ඇයගේ අලුත්ම විස්තර මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ආදරයට නිර්වචනයක් දෙන්න?

ආදරය කියන්නේ මානුෂීය බැදීමක්

පාසල් ප්‍රේමය සුන්දරයිද?

මටනම් සුන්දරයි. මොකද පාසල් ප්‍රේමය මගේ විවාහයෙන්ම කෙළවර වුණා. දැන් අවුරුදු විසිපහක් වෙනවා. තාමත් ඒ පාසල් ප්‍රේමයයෙන්ම ඉන්නවා.

ආදරය දැනෙද්දී වයස කීයද?

ඒවා කියන්න බැහැ. ඒවා කීවොත් ළමයි නොමග යනවා

ආදරය හැමවිටම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?

එහෙම එකක් නෑ තමන්ට දැනෙන හැගෙන දේ ප්‍රකාශ කරන්න ස්ත්‍රී පුරුෂ භේදය බලපාන්නෙ නැහැ.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබුණද ?

අනේ නැහැ. මට ආදරය කරන්න හිතුන හැම කෙනාටම මම ආදරය කරලා තියෙනවා.

ආදරය කරද්දී පෙම්වතා වැඩිමල් විය යුතුයි කියල හිතනවද?

ආදරයට වයස භේදයක් විදියක් නැහැ. හැබැයි වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වුණාම හො`ද පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

වයසින් බාල කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද?

ඇති වෙලා තියෙනවා. එ්ක ඉතින් සාමාන්‍ය දෙයක්

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?

ඔව්. මුලින්ම ලැබුණේ එලාම් ඔරලෝසුවක්. පාසල් යන්න උදේම ඇහැරෙන්න කියල එ්ක උදේ පහට කෑ ගහනවා . ඒක එදාම කැඩුවා. ඒක තාම තියෙනවා අම්ම ගාව.

ඔහු ඔබට ආදරයට කියන නම මොකද්ද?

බබී කියල තමා ඔහු කියන්නේ. ගෙදර අය ආදරේට කියන්නේ සුද්දී කියලා.

පිරිමියකුගෙන් ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?

පෞරුෂය තමයි මුලිකම දේ. අනිත් දේ මනුස්ස කමට.

ඔබ හිතනවද ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියල?

නෑ. විවාහය ආදරයෙන් කෙළවර විය යුතුම නැහැ.

ආදරයට හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?

ආදරයේ උච්චතම අවස්ථාව තමයි රාගය කියන්නේ. ඒ දෙකම තිබිය යුතුයි

විවාහයෙන් පස්සේ ඇතැම් අය වෙනස් වෙනවා, ඒ ඇයි ?

එකිනෙකාට ගෞරව නොකිරීම, ඒ වගේම තමන් අනිත් කෙනාට වඩා උසස් යැයි හිතීම වගේ ආත්මාර්ථකාමි වුණාම තමයි මිනිස්සු වෙනස් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?

විවාහය ලියාපදිංචි කළොත් දරුවන්ගේ අනාගතයට හො`දයි කියල හිතනවා.

විරහව ජේදයකින් විස්තර කරන්න ?

ලොකු කනගාටුවක් ඇතිවෙන සතියකින් දෙකකින් යථා තත්ත්වයට පත්වන දෙයක් තමයි විරහව කියන්නේ

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැණිද?

නෑ. ස්වභාවික දෙයක්. ඒකේ කිසිම අස්වාභාවික දෙයක් මම දකින්නේ නැහැ.

ආදරය එක සහකරුවකුට පමණක් සීමාවිය යුතුද?

එහෙම වෙනවනම් හොදයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ.

මේ වෙද්දී පිරිමි ළමයි කී දෙනෙක් දලා ගිහින් තියෙනවද?

එහෙම කිසි කෙනෙක් දාලා ගිහින් නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!