Gossip

බඳින නොබඳින එක මගේ වැඩක්, බොලාට ඇති රුදාව මොකක්ද..?

රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ ගැන පසුගිය දවස් ටිකේම කතාවෙන්න පටන් ගත්තේ ඇය මුහුණුපොත හරහා සිදුකළ ප්‍රකාශ නිසා.
ඒ වගේම ඇමතිවරයෙකු සමඟ ඇති කරගත් පෙමක කතාවක් නිසාත් ඇය ගැන ලොකු කතාබහක් ඇතිකළා.
කොහොම වුණත් මේ ආදර කතාව නිසා දැන් හැමෝම වගේ ඇයගෙන් කවදද බඳින්නේ තාම ඇමතිවරයාට පෙම් කරනවද ආදී ප්‍රශ්න අහන්න පටන් අරන්.
ඒ නිසාම ඇය ආයෙමත් මුහුණුපොතේ මේ වගේ සටහනක් තබා තිබුණා.

බදින්නැද්ද –
නෑ ඇයි මොකද
අහවලාට තාම පෙම් කරනවද?-
ඔව් ඇයි මොකද
ඔයා කඩේයනවද? –
ඔව් ඇයි මොකද ?
බදින නොබදින එක පුද්ගලික මගෙ තීන්දුවක්,
ආදරේ කරන එක නොකරන එක පුද්ගලික මගෙ තීන්දුවක්,
කඩේ යන එක නොයන එක රටවෙනුවෙන් මගෙ දැක්මට අනූව මම ගන්න මගේ තීන්දුවක්..
ජීවිතේ තාවකාලික බාරකාරත්වය මගෙනම් ,
හිත මගෙනම්, සිතිවිලි එන්නෙ මටනම්,
කඩේ යන එක හරි නොයන එක හරි මම කරන්නෙ මගෙ දක්ෂතාවයන් හැකියාවන් අනූව මා උපයපු මගෙ ධනයෙන්නම් …
බොලාට ඇති රුදාව මොකක්ද?

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!