Gossip

මෛත්‍රී ඝාතනයට පැමිණි බෝම්බකරු දැන් කියන කතාව (ඡායාරූප)

“ගිය ජනවාරි අට වැනිදා රටට වෙනසක්  වුණා මේ අවුරුද්දේ ජනවාරී අට වැනිදා මගේ ජීවිතය වෙනසක් වුණා.”  යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2006 වර්ෂයේදී  එවකට  ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේදී ඒ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු වන  සිවරාජා ජෙනිකන් පවසයි.

අත්අඩංගුවේ පසුවු සිවරාජා ජෙනිකන් පසුගිය දින ජනාධිපති සමාව  හිමි වී නිදහස් විය.

ඉන් අනතුරුව සිවරාජා ජෙනිකන් අද  දිනයේ  “දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා”  පසුගිය දින යාපනයේදී  දුම්රියට පැන දිය දිවි නසාගත් සිසුවාගේ නිවසට ගොස්  පැමිණි අවස්ථාවේදී අදහස් දැක්වුවේය.

එහිදී සිවරාජා  කියා සිටියේ තමාව  නිදහස් කළා මෙන් බන්ධනාගාරයේ සිටින  අනෙකුත් දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන ලෙසයි.

මම ඉපදෙන්න පෙර  සිට  මෙරටේ ප්‍රශ්න තිබුණා ඒ නිසා තමයි මට දේශපාලන සිරකරුවෙකු සිදුවිමට සිදුවුණේ.

මේ සියලු ප්‍රශ්න වලට  වගකිව යුත්තේ දේශපාලඥයින්ම තමයි.  ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නෑ දේශපාලඥයින් මේවට ඒ දවස්වල සිටම පිළිතුරු සොයලා තිබුණානම් යනුවෙන් ඔහු අදහස් දක්වන ලදී.

මේ ජනාධිපතිවරයාගේ කාලයේදී ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න  යුතු යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා ති‍බේ.

 

4 1 2 3

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!