Gossip

“ෂරි ෂරි අද ෂෝ දෙකක් රෑට අප්ලෝඩ් කරනවා” – අපේ රටේ කපල් රූම්වලට ගියාම අරාබියට විකිණෙන්නේ මෙහෙමයි

ලංකාව පුරාම ගමක් නගරයක් ගානේ ඉදිවෙලා තියෙන ලැඟුම් හල් මෙන්ම ඉතා අඩු මුදලක සිට වුවද ගන්න පුළුවන් කාමර නිසා තමන්ගෙ වටිනා ජීවිතයට බොහෝ අමිහිරි අත්දැකීම් එකතු කරගන්නවා.
මේ දේවල් පිටිපස්සෙ ඉඳගෙන බොහෝ දෙනා තමන්ගෙ අතමිට සරුකරගන්නෙත් බොහොම සූක්ෂම විදියට.
මේකත් කොළඹ නගර සීමාවේ තියෙන කුඩා ළැගුම්හලක්.කාමර හතකින් සමන්විත මේ ලැඟුම්හලේ කාමර බොහොම අඩුමිලට ගන්න පුළුවන් වීම සහ නාගරික පරිසරය මැද පිහිටා තිබෙන නිසා නොදන්නා පුද්ගලයන්ගෙන් නිරන්තරයෙන්ම මේ කාමර පිරී පවතිනවා.
කොළඹින් මෙන්ම කොළඹින් පිටස්තර පුද්ගලයින්ගෙන්ද මේ කාමර පිරී යන්නේ රැයක් දවාලක් නොමැතිවයි.
එසේම අරාබි භාෂාවට නෑකම් කියන මේ පුද්ගලයාගේ රහස් කාමරයක නිරන්තරයෙන්ම කිහිපදෙනෙකු ගැවසෙනවා. ඔවුන් කරන්නේ මොනවාද..? මොහු ගැන තොරතුරු සොයන අතරතුරේ මොහුට දුරකතන ඇමතුමක් ලැබෙනවා.
ඉන් අනතුරු මේ සිදුවීම සිදුවන්නේ වෙනස්ම විදියකට‍…

‘‘ෂරි ෂරි අද ෂෝ දෙකක් රෑට අප්ලෝඩ් කරනවා“

සල්ලි දැම්මද..?
ඕ කේ..

කතාව අවසන් විය හිමිකරුගේ මේ භාෂාව දැන් අපට හුරුය සතියකට දෙතුන් වතාවක් එම ස්ථානයට ගිය ඔහු අප සමග ඉතාමත් මිත්‍රවිය අප මේ පිළිබඳව ඔහුගෙන් හිමින් සීරුවේ විමසුවේ සිදුවන ඇත්ත කතාව හරිහැටි දැනගැනීමටය මේ ව්‍යාපාරයේ හිමිකරුට අපි අස්වර් යැයි කියමු.

අස්වර් ඇත්ත කියපං..

මාත්තියලට බොරු මොකටද..? මාත්තයලට පෙන්නන්නම්

අස්වර් අපව රහස් කාමරයට රැගෙන ගියේය
මාත්තයා අද කාමර 7 ම පිරිලා මේකෙන් හය වෙනි කාමරෙ අපි තියාගෙන ඉන්නෙ වීඩියෝ වලට අරාබියෙන් ගෙනාපු පුංචි කැමරා එකක් තියෙන්නෙ බිත්තියට තියලා හයි කරලා අපි හොයන විදිහේ දෙන්නෙක් ආපු ගමන් අපි දෙන්නෙ හය වෙනි කාමරේ මේ සේරම වැඩ හරි රහස්.කිසිම දෙයක් ලංකාවට අදාල නෑ මාත්තයා.

ඒ කිවුවෙ..
මේ වීඩියෝ රෙකෝඩ් අපි ගන්නවා තමයි ලස්සන කපල් ආවම අපි පොඩි වීඩියෝ එකක් දා ගන්නවා. ඒවා අපි කොළඹ මාකට් වලට දාන්නෙ නෑ ඉල්ලන අයට දෙන්නතේ නෑ ඇහුවට කියන්නෙත් නෑ කාටවත් පෙන්නන්නෙත් නෑ

ඒ කිවුවෙ…
අපි මේවා ගන්නෙ වෙනමම වැඩකට..

දැන් අස්වර්ගෙ ළඟ මේ වගේ හයවෙනි කාමරේ වීඩියෝ කීයක් විතර තියෙනවද..?
දැන් මාත්තයා වීඩියෝ 100 ක් විතර මේ බලන්න
තරුණ,ලාබාල ජෝඩු මෙන්ම කාර්යාල සේවයේ නිරත තරුණියන්ද අනියම් සබඳතාවල නියලෙන වීඩියෝ පට අස්වර්ගේ ලඟ දිගහැරෙයි.

හොඳයි නේද..? සල්ලි තමා මාත්තයා.. ඔය තමා සල්ලි

එ් කොහොමද ලංකාවේ මාර්කට් එකේ නැත්තම්…?
අරාබියෙ එංගලන්තයේ අපේ කස්ටර්මලා ඉන්නවා. දැන් ඉතිං ඉන්ටර්නෙට් දියුණුයිනෙ. ස්කයිප්,ෆේස්බුක්,වට්ස්ඇප් තියෙනවා. මොනවද කරන්න බැරි. අපේ අය එහේ ඉඳන් ඩොලර් 40-50 දීලා කස්ටර්මලා හදා ගන්නවා දැන් එහෙම කස්ටර්මලා 100 විතර ඉන්නවා. එයාලා හරි ආසාවෙන් මෙහේ සීන් බලනවා. සමහරු කතා කරලා කියනවා එයාලා වැඩිපුර සල්ලි දෙන්නම් මේ වගේ අයගේ ෂෝ එකක් පෙන්නන්න කියලා අර ඉස්සෙල්ලා කතා කලේ.
එතකොට මාත්තයා එයාට ගැලපෙන විදියෙ නෝනා කෙනෙක් අපි හයේ කාමරේට දානවා. එයා කැමතා කළු කෙට්ටු කෙනෙක්ටනම් එහෙම, සුදු මහත කෙනෙක්නම් එහෙම, එතකොට සිංහල දෙමළ මුස්ලිම් නම් ඒ විදියට එයාගෙ කැමැත්ත අනුව දෙනවා. එයාලගෙ කැමැත්ත අපි ඉක්මනින්ම ලබා දෙන හින්දා අපේ කස්ටර්මලා අපිට කට්ටිය හදලා දෙනවා. ඒ රටවල අඩු වයස්වල අයත් ගොඩක් අපිත් එක්ක ඉන්නවා. මාත්තයා මේ ෂෝ බලන්නෙ පිටරට ඉන්න අරාබි මහත්තුරු සුදු මහත්තුරු නෝනලා. ඒ නිසා හයේ කාමරේට කවදාවත් හානියක් වෙන්නෙ නෑනෙ. ඇයි මාත්තයා මේවා ලංකාවෙ කවුරුවත් බලන්නෙ නෑනෙ.
මේ දේවල් හෙලිකර ගත වූයේ කෙටි කලකි.අස්වර්ගේ රහසිගත ජාවාරමේ කරුණු එකින් එක අනාවරණය වන්නට විය. දැන් හයේ කාමරයේ දර්ශනය අවසන්ය. අස්වර් නීතිය හමුවේය.නමුත් මේ රට පුරා තවත් හයේ කාමර තිබිය හැක. දෙස් විදෙස් වෙළඳපොල තුල කාමය විකුණන්නට බොහෝ උගුල් අටවා තිබිය හැක.අද ඔවුන්ට සිදු වූ දේ හෙට ඔබට, ඔබේ ඥාතියෙකුට,මිතුරෙකුට සිදුවිය හැක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!