Gossip

පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කරන ජාවාරමක් කොටු වෙයි – ඔබේ වාහනයටත් භූමිතෙල් මිශ්‍ර පෙට්‍රල් ගැහුවද..?

ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන යන පෙට්‍රල් වලට බව්සර් රථය තුළදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අද (13) දහවල් සමත්ව තිබුණා.
ගලේවෙල මකුලු ගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බව්සර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී  එම ස්ථානය වටලා ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුනි.
බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම  සිදු කර ඇත.
ඉන්ධන බවුසරයේ රියැදුරු, රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් ලොරියේ රියදුරු පසුව එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය  චයිනබේ  ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් මෙම බව්සරය ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇත.
මෙම බවුසරයේ හිමිකරු ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. මහරුෆ් මහතාගේ බව අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඔහගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ජාවාරමට  තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ  දෙවන  කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්. රණතුංග හතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් වැටලීම සිදුකර තිිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!