Gossip News

පාසල් සිසුවෙකුටත් කෙරෝනා ආසාදනය වෙයි

බද්දේගම ප්‍රසිද්ධ විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එම විද්‍යාලයේ විදුහල්පතිනි කේ.කේ. කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ සිසුවියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද (07) දින පාසලට පැමිණ ඇත්තේ එක් සිසුවියක් හා ගුරුවරු දසදෙනෙකු පමණක් බවයි.

අදාළ සිසුවියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු පාසලේ ගුරුවරුන් 07දෙනෙකු, සිසුවියන් 29දෙනෙකු හා පාසලේ සමූපාකාර වෙළෙදසැලේ සේවය කරන සේවිකාවක් සමග 37දෙනෙකු අද දින පී.සී.ආර්. පරීක්ෂනවලට ලක් කිරීමට නියමිතයි.

මෙම දැරියගේ පළමුපෙළ ආශ්‍රිතයින් 51දෙනෙකු නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ. එච්. බී. පී. ගුණවර්ධන මහතා පවසයි.

රත්ගම මාමඩවල ප්‍රදේශයේ පදිංචි දැරිය පසුගිය 25වැනිදා පාසලට පැමිණ ඇති අතර, ඇයට අධික උදරයේ වේදනාව හා උණ වැළදීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

කරාපිටිය රෝහලේදි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවේ ප්‍රතිඵල වලින් තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඉන් අනතුරුව දැරිය කඹුරුගමුව රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!