තරු හුට පට

සිසුවාත් සිසුවියත් කැලයේ රැයක් ගත කරලාලු

10

කුලියාපිටියේ පාසල් සිසුවෙකුත් සිසුවියකත් පසුගියදා තම නිවෙස්වලට නොගොස් කැලයක රැයක් ගත කර ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය ගැන තොරතුරු ආරංචි වී පොලිසිය කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මෙම සිසුවාත් සිසුවියත් පාසල් නිල ඇඳුම් මාරුකර කටුපොත ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති බවයි.

එහිදී නිවැසියන් ඔවුන්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, මේ නිසා ඔවුන් දෙදෙනා හිත්තරපොල ප්‍රදේශයේ කැලෑවකට ගොස් රැය ගත කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

මේවන විට පාසල් සිසුවිය රෝහල් ගත කර ඇති බවත්, පොලිස්බාරයට ගැනුණු සිසුවා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, අප වෙත වාර්තා වුණා.

තවදුරටත් කළ සොයාබැලීමේදී හෙළි වුණේ මෙම සිසුවා 13 වසරේත් සිසුවිය 9 වසරේත් අධ්‍යාපනය ලබන අය බවයි.

ඉකුත් 12 වැනිදා මෙය සිදුව ඇතැයි ද කියැවෙනවා.

ළමුන් සම්බන්ධයෙන් මෑතක සිට අසන්නට දකින්නට ලැබෙන සිද්ධීන් වල අඩුවක් එන්නම එන්නම නැති හැඩත් මීටත් වඩා සිදුවීම් වීමට තවදුරටත් ඉඩනොදී මව්පියන් තම ළමුන් ගැන වඩාත්  සැලකිල්ලෙන් සොයාබැලිය යුතු බවටත්, මෙවැනි පුවත් සමාජයට ගෙනදෙන්නේ ඉතා වැදගත් පාඩමක්ද බව කිව යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!