තරු හුට පට

සෞදි රාජකීය පවුල ලංකාවේ රියදුරෙකුට සලකපු සැලකිල්ල


ෂරියා නීතිය ගැන කියද්දී සෞදිය අමතක වෙන්නේ කාටද? ෂරියා නීතිය නිසා සෞදිය ලොවපුරා ජනප්‍රිය වෙද්දී ශ්‍රී ලාංකිකයින් වන අපටත් ‍එහි බලපෑම ගැන නිතර නිතර පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ඒ ලාංකික කතකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට සෞදිය සැරසෙන බවට තොරතුරු වාර්තා වීමත් සමගයි. දැන් ඒ කතාව කොහොමත් විසඳගෙන අවසන්. මේ කියන්න යන්නේ ෂරියා නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන සෞදියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇසුණු අලුත්ම කතාවයි.

මේ කතාව වාර්තා වන්නේ සෞදියේ රාජකීය පවුලේ පුද්ගලික රියදුරු ලෙස කටයුතු කළ ශී‍්‍ර ලාංකිකයෙකු ගැනයි. ‍මේ රියදුරා නමින් “වට්ටි” එහෙත් ඔහුට සෞදියේ රාජකීය පවුල කතා කරලා තියෙන්නේ “සැමි” කියලා. මේ රියදුරාගේ සේවා කාලය අවුරුදු 33ක්. ඔහුගේ සමුගැනීමට වටිනාකමක් දෙන්න සෞදියේ රාජකීය පවුල පැවැත්වූ සාදය දැන් සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා.

සැමි නැමැති මෙම රියදුරු ‍වෙනුවෙන් මෙම සාදය පවත්වා තියෙන්නේ ඔහු නැවත ලංකාවට පැමිණීම නිමිත්තෙන්. මේ එම සාදයේ ඡායාරූප කිහිපයකි.


40
30 2010

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!