තරු හුට පට

එම්.කේ.ඒ.ඩී.එස්ගේ පුටුවට තුන්කොන් සටනක්!

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඔහුගේ පාර්ලිමේන්තු අසුනත් දැන් හිස් වෙලා තියෙනවා කියලා ඔබ දන්නවානේ.

දැන් පුටුවට අලුතින් කෙනෙකුට පත්වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හිස්තැන පුරවන්න. මේවන  විටත් එම පුටුව සඳහා නම් කිහිපයක්ම යෝජනා වෙලා තියෙනවා කියලයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරන්නේ. ඒ අනූව එර්වින් වීරක්කොඩි, එජාප මාධ්‍ය අංශ ප්‍රධානි ක්‍රිෂාන්ත කුරේ ඒ වගේම කොළඹින් ඡන්දය ඉල්ලු රෝසි සේනානායක යන අයයි.

මොවුන් අතරින් මෙරට ප්‍රකට දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකු බව කියනන එර්වින් වීරක්කොඩි, පසුගිය මැතිවරණවලදී එජාප ප්‍රචාරණ යාන්ත්‍රනය බාරව කටයුතු කළ අතර, ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා. එසේම  එජාප ජාතික ලයිස්තුවේ සිටි එහි මාධ්‍ය අංශ ප්‍රධානි ක්‍රිෂාන්ත කුරේගේ නමත් මේ අතර තියෙනවා.

ඒ වගේම පහුගිය මැතිවරණයේදී වඩාත් කතා බහට ලක්වූ රෝසි සේනානායකගේ චරිතයත් මෙම නම් අතර තියෙනවා. ඇය පත් කරන ලෙසටද දැනටමත් ඉල්ලීම් ලැබිලා කියලා ආරංචි මාර්ග අනාවරණය කරනවා.

කොහොම වුණත් මේ හිස්පුටුවට කවුද පත්කරන්නේ කියලා තීරණය කරන්න වෙන්නේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ සිට නැවත දිවයිනට පැමිණි පසුවයි. මේ ගැන එජාප මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා ද ඊයේ මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

50

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!