Gossip

SF යටතේ නව බලකායක්

රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍යා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවද ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍යය මණ්ඩල අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇත

කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් රටේ කටයුතු අඩපණ කිරීමට ඉඩදිය නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී රට තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට සුවිශේෂී බළකායක් පිහිටුවා තිබීම වැදගත් බවත් අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් පවසා ඇත.

ඒ අනුව එම බළකාය ත්‍රිවිධ හමුදාව ඇතුළු විශේෂ පිරිසකගෙන් සමන්විත වන පරිදි සැකසීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර එහි නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය අවධානය යොමුකර තිබේ.

ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යානුකූලව පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!