Gossip

”දරු පැටව් හදන්න පරක්කු වෙන්න එපා. පුළුවන් නම් උන් අපි ඔයාලා වගේ එක ලඟ හදාගන්න… කසාද බැඳපු අලුත තරම් සුන්දර කාලයක් තවත් නෑ” යුගදිවියට එළඹුනු දිනක්ෂිට මාධවී දුන්නු ඔවදන මෙන්න – Photos

 

නංගී, Dinakshie Priyasad ඔයාගෙ ජීවිතේ අලුත් ඇරඹුමට සුබ පැතුම්..

ඔයාට මගෙ අත්දැකීම් වලින් ඉගෙනගත්තු කාරණා ටිකක් කියන්න හිතුනා. ආදරෙන් කියන්නෙ මේ දේවල් ඔයාලාගෙ ඇරඹුම සුබවාදීව තියෙන්නා සේම ජීවිතේම හොඳින් ඉන්න ප්‍රයෝජනවත් වේවි හිතලා.

හොඳට මතක තියාගන්න මෙතනින් එහාට ජීවිතේ ඔයාලට වැදගත් වෙන්න ඕනෙ ඔයාලා දෙන්නව. කාටවත් ඔයාලගෙ ප්‍රශ්න කියන්නත් එපා. නිදහසේ ආදරේ කරන්න, රංඩු වෙන්න ආයෙ යාලු වෙන්න පුලුවන් තැනක ඉන්න. කාටවත් අයිතියක් නෑ ඔයාලව විනිශ්චය කරන්න. “අද කඩෙන්ද කන්නෙ? මෙච්චර දවල් වෙනකන් නිදාගන්නවද? රෑ වෙනකන් මොකද කලේ?” එහෙම අහන්න බෑ. එහෙම පුද්ගලිකත්වයක් නැති තැනක දවසක්වත් ඉන්නත් එපා.

ලී දෙකක් එකට පුරුද්දනවා වගේ මේ ජීවිත දෙක හා කරද්දි දෙකෙන්ම කෑල්ල කෑල්ල කැපිලා යනවා. ඒ වගේ කැපකිරීම් කරලා ගලපගන්න වෙනවා. එහෙම කරන්න ඉඩ ඕනෙ. කාවහරි බලාගෙන ඉන්නකොට natural විදිහට ඒක වෙන්නෙ නෑමයි. යාලු මිත්රකම් උනත් ඔය දෙන්නගෙ බැඳීමට යටයි.

දරු පැටව් හදන්න පරක්කු වෙන්න එපා. පුළුවන් නම් උන් අපි ඔයාලා වගේ එක ලඟ හදාගන්න. එතකොට බැඳීම වැඩියි. පිට අය, නෑයො තියා දරුවො ඉදිරියේදිවත් තමුන්ගේ සහකාරයා විවේචනය කරන්න එපා. කවදාවත්.

කසාද බැඳපු අලුත තරම් සුන්දර කාලයක් තවත් නෑ. ඒ කාලයේ සතුට උපරිම විඳින්න නම් ඔයාලා වෙනම ඉන්න ඕනෙ. පුළුවන් නම් ඒක කරන්න.

ඔයා ගොඩාක් හොඳ ලස්සන ළමයෙක් නිසා ඔයාට හොඳක් යහපතක්ම වේවා! හැමදාම හිමිදිරිය වගේ ජීවත් වෙන්න ලැබේවා!!! සතුටින් ආදරෙන් ඉන්න.

ජේසු පිහිටයි!!

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!