Gossip

මුලින්ම ගෑණු ළමයෙකුගෙන් යාළුවෙන්න ඇහුවේ අවුරුදු 6දි, එතකොට මම එක වසරේ, ඒ ගෑනු ළමයා මට කිස් එකකුත් දුන්නා – සනුක වික්‍රමසිංහ

ලංකාවේ ඉන්න හොඳම බේස් ගිටාර් වාදකයෙක් තමයි සංගීත් වික්‍රමසිංහ. ඔහුගේ අඩිපාරේ යන සනුක වික්‍රමසිංහත් නව පරපුරේ ඉන්න දක්ෂ ජනප්‍රිය සංගීතඥයෙක් වගේම ගායකයෙක්.
මේ ළඟදි එළියට ආපු සනුකගේ පෙරවදනක් මියුසික් වීඩියෝ එකක් නිසා ඔහු ගැන හැමතැනම වගේ කතා වුණා.
මේ සනුකගේ අලුත්ම විස්තර ගැන ලියැවුණු සංවාදයක්.

සනුකගේ අලුත් ගීතයට මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. මේ දවස්වල ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. මගෙ Youtube චැනල් එක හරහා තමයි ගීතය රිලීස් කළේ.
ගීතයට මේ වෙද්දි Views ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් පහු කරලා තියෙනවා. මීට පෙරත් ගීත කිහිපයක් කළා නේද? ඔව්. මීට කලින් ගීත කීපයක් කළා.

ඒ අතරින් “සරාගයේ” තමයි කතා බහකට ලක්වුණේ. සනුකගෙ ගීත අතරින් “සරාගයේ” දැඩි කතා බහකට ලක්වුණේ ඇයි කියලා ඇහුවොත්?
ගීතයෙ පද රචනය, තනුව, සංගීතය සහ වීඩියෝව නිසා වෙන්න ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මෙහි පද රචනය කළේ මනුරංග විජේසේකර. තනුව සහ සංගීතය මගෙමයි.

ඒ හැමදේම සංකලනයෙන් තමයි ගීතය හොඳට ආවෙ කියලා හිතනවා. මේ ලබපු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
මම මුලින්ම Youtube එකේ දැම්මේ ඕඩියෝ එක විතරයි. ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර තිබුණා. ගීතයට රූප රචනාවක් නැතිව තියෙද්දිත් ගොඩක් අය ආදරේ කළා. ලක්ෂ 4කට වඩා Views තිබුණා. ඒ තරමට කැමතියි. ඒ වගේම වීඩියෝව සමග ගීතය රිලීස් කළාමත් මම හිතුවෙවත් නැති තරමට පෙරටත් වඩා ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.

සනුක මේ තරම් ජනප්‍රිය වුණේ තාත්තා නිසාද? නැත්නම් සනුකගෙ ගීතය නිසාද?
මම ක්‍ෂේත්‍රයට ආවෙ තාත්තගෙ නම පාවිච්චි කරලා නෙමෙයි. මම එන්නෙ ඉස්කෝලෙන් අයින් වුණු ගමන්ම.
මමයි මගෙ යාළුවො ටිකකුයි එකතු වෙලා සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නෙ. ඒ “ග්ලෝරි” කියලා. ඒ කණ්ඩායම විවිධ උත්සවවලට සහ විවිධ ප්‍රසංගවල ඡැරදෙරප කළා.
ඒ අතරෙදි මගෙ Youtube එකටත් මම කරන නිර්මාණ ඇතුළත් කළා.
ඒ එක තැනකදිවත් මම තාත්තගෙ නම සඳහන් කරලා නෑ. මම කාගෙ කවුද කියන්න එකකවත් සඳහන් නොකර මගෙ නිර්මාණ හරහා තමයි මිනිස්සු අතරට ගියේ.

මේ ක්‍ෂේත්‍රයට එන්න හිතුවෙ ඇයි?
මම පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක් ආසයි. තාත්තගේ රෙකෝඩින් ස්ටුඩියෝ එක තියෙන්නෙත් ගෙදරමයි. ඉතින් තාත්තා ඒ වගේ වැඩ කරද්දි මට හැම වෙලේම ඇහෙනවා ඒ දේවල්. මම සමහර වෙලාවට ගිහින් තත්තා කරන දේවල් බලාගෙන ඉන්නවා.
මට ඒවට ගොඩක් ආස හිතුණා. ඉතින් මමත් ඒ කාලෙ ඉඳන්ම ඒ සංගීත භාණ්ඩ පාවිච්චි කරනවා. කම්පියුටර් එකෙන් එක එක සින්දු කෑලි හදනවා. කීබෝඞ්, ගිටාර් ප්ලේ කරනවා. ඒ දේවල් නිසා වෙන්න ඇති මම සංගීතයට ඉබේම නැඹුරු වෙන්න ඇත්තේ.

පොඩි කාලෙත් හීන දැක්කද ගායකයෙක් වෙන්න?
නෑ. පොඩි කාලෙදී එක එක හීන දැක්කා. නමුත් සංගීතය කරනවා කියල නම් හිතේ තිබුණේ නෑ.

නමුත් අවසානයේ නතර වුණේ මෙතැන. සනුක සංගීතය ඉගෙන ගත්තද?
ගොඩක් දුරට හදාරලා නම් නෑ. නමුත් ක්ලැසිකල් ගිටාර් ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා අමරනාත් රණතුංග සර් ළඟ ඒ පිළිබඳ හැදෑරුවා. ඒ වගේම මගෙ සීයා ළඟ රාගධාරී සංගීත ඉතා අල්ප වශයෙන් හදාරලා තියෙනවා.

සනුක මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ලෙසට නේද?
ඔව්. මම මුලින්ම O/L කරන කාලෙදි සංගීත අධ්‍යක්‍ෂණයටත් සම්බන්ධ වෙලා හිටියා. මුල්ම ගීතය විදියට මම කළේ යෂාන්ගේ “සිත්තමක් වගේ” ගීතය. ඒ ගීතයත් කට්ටිය අතර ගොඩක් ජනප්‍රිය වුණා. එතැන් සිට තමයි මම ක්‍ෂේත්‍රයට පා තබන්නේ. එතැනින් පසුව තමයි O/L අවසන් වුණාට පස්සෙ සංගීතය දිගටම කරන්න ඕනෑ කියලා හිතෙන්නේ. ඊට පස්සෙ මගෙ යාළුවො සෙට් එකක් මට සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා කියලා ආරාධනා කළා. මම ඒ ආරාධනයත් එක්ක ඒ සඳහා සම්බන්ධ වුණා. සහන් සහ ෂේන් එකතුවෙලා තමයි ග්ලෝරි බෑන්ඞ් එක පටන් ගත්තේ.

සනුකට මාධ්‍යවලින් ලැබෙන ඉඩ කොහොමද?
සමහර මාධ්‍යවලින් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම සමහර ආයතනවලින් හොඳ සහයක් දෙනවා වගේ පෙන්නුවත් දෙන්නෙ නෑ. ඒ වගේ දේවල් වෙනවා. මම කොහොමත් මගෙ නිර්මාණ ගොඩක්ම මිනිස්සු අතරට ගෙනිච්චෙ අන්තර්ජාලය හරහා තමයි. එතැනදී මගෙ අලුත්ම ගීතය “සරාගයේ” මිනිස්සු වැළඳගැනීමත් සමගම දැන් මට නොයෙක් ආයතනවලින් කතා කරනවා.

 

ඩුවට් එකක් කරන්න හිතුණොත් කාවද තෝරගන්නෙ?

තවම ඩුවට් එකක් කරන්න හිතිල නම් නෑ. හිතුනොත් උමාරා, උමාරියා තමයි.

ක්‍ෂේත්‍රයේ සනුකට හිත ගිය කෙනෙක් නැද්ද?
තවම නම් නෑ.

දැන් පෙම්වතෙක් ද?
ඒත් නෑ.

කොයි වගේ කෙනෙක් ද හොයන්නෙ කියලා ඇහුවොත්?
දැන් හොයන්නෙ නම් නෑ. ඒත් මාව තේරුම් ගන්න පුළුවන් සහ මම කරන රැකියාවත් තේරුම් අරන් ඉන්න පුළුවන් කෙනෙක් නම් හොඳයි.

 පොඩි කාලේ දඟ වැඩ කරලා ගෙදරින් ගුටි කාල තියෙනව ද?

අපොයි ඔව්. ඒත් ඒ මොකටද කියලා මතක නෑ. තාත්තගෙන් හොඳට ගුටිකාල තියෙනවා.

කියමුද ළමා කාලය පිළිබඳ විස්තර ටිකක්?
මගෙ ළමා කාලය ඉතින් හරි සුන්දර විදියට ගෙවුණා. මට සහෝදරයෙක් ඉන්නවා. ඔහුත් එක්ක තමයි ඉතින් මම වැඩිපුර කාලය ගත කළේ. ඒ වගේම මගෙ ඥාති සහෝදරයන් හිටියා. ඉතින් අපි සෙල්ලම් කරනවා. ඒවා තමයි. වැඩිපුර ගෙදරින් එළියට එහෙම යන්න දෙන්නෙ නෑ. ඒත් ඉතින් ඒ කාලෙ හොඳට දඟලලා කරලා හිටියා.

පාසල් කාලයේ සනුකට ලැබුණු ලොකුම දඬුවම මතකද?
අම්මෝ ඔව්. මට ලැබුණු ලොකුම දඬුවම තමයි මම මාරම අවශ්‍යතාවයක හිටියා. ඒ අවශ්‍යතාවය මත මම ගිහින් ටීචර්ගෙන් ටොයිලට් යන්න අහද්දි ටීචර් මට යන්න දුන්නෙ නෑ. ටීචර් බැන්නෙ දැන් ඉස්කෝලෙ ඉවර වෙන්න ළඟයි යනවා ගිහින් වාඩි වෙනවා රස්තියාදු ගහන්න යන්නෙ නැතිව කියලා. මමත් ඉතින් ගොඩක් අමාරුවෙන් අන්තිම වෙනකම් කාගෙන හිටියා. ඒ දවස නම් මට හොඳට මතකයි. මාරම දුකක් වින්දා.

පාසල් කාලෙත් ජනප්‍රිය චරිතයක් ද?
ඒ කාලෙ සංගීත අංශයේ දේවල්වලට සම්බන්ධවෙලා හිටියා. රාජකීය විද්‍යාලයේ “සග” ප්‍රසංගයටත් පාසලට ගිය අලුත සිටම සම්බන්ධ වෙලා හිටියා. ඒත් එහෙම ලොකු ජනප්‍රියත්වයක් තිබුණේ නෑ.

27. පාසලේ යාළුවො ආදරේට කතා කළේ මොන නමකින්ද?
මට සන්නා කියනවා. සනා, සනුකයා ඒවා තමයි කිව්වේ.

පාසල් කාලය ගැන කතා කළොත්?
මම එක වසරේ සිට පහ වසර දක්වා පාසල් ගියෙ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. එතැනින් පසුව 5 වසර ශිෂ්‍යත්වය විභාගය සමත්වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ගියා.

පාසල් කාලෙදි යාළුවො එක්ක එකතු වෙලා කරපු සොඳුරු වැඩ ටිකක් කියමුද?
සොඳුරු මතකයන් තියෙන්නෙ ගොඩක්ම බිග් මැච් කාලෙදි තමයි. අපි ඉතින් ඔහේ කෑ ගහ ගහ පාරවල්වල යන්නෙ. හරි වැඞ්ඩො කියලා තමයි ඒ දවස්වල හිතාගෙන යන්නෙ ඉතින්. දැන් මතක් වෙද්දිත් හරි ආසා හිතෙනවා ඒ කාලෙ සිදුවීම්. ආයෙත් ඉතින් ජීවිතේට ඒ වගේ සොඳුරු කාලයක් එන්නෙ නෑ.

ඒ කාලෙ ඉතින් ගෑනු ළමයි පස්සෙන් එහෙමත් යනවා ඇති නේද?
එහෙමමත් නෑ. යාළුවෙන්න නම් ඕනෑ තරම් ගෑනු ළමයි හිටියා. ඒ හැමෝම එක්ක විහිළුවෙන් තමයි වැඩිපුර හිටියෙ.

ගෑනු ළමයෙක්ගෙන් මුලින්ම යාළුවෙන්න ඇහුවෙ අවුරුදු කීයෙදි ද?
එතකොට මම ගොඩක් පොඩියි.

වයස කීයෙදිද?
අවුරුදු හයයි. එතකොට මම එක වසරෙ. ඒ ගෑනු ළමයා මට කිස් එකකුත් දුන්නා.

දන්න කියන වයසට ආවම සනුකට පෙම්වතියො හිටියද?
එහෙම මහ ගොඩක් හිටියෙ නෑ. ඒත් ගානක් මතකත් නෑ.

දැන් ප්‍රසංගවලට එහෙම යද්දි වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නෙ රසිකාවියන්ගෙන් නේද?
ඔව්. ගැහැනු ළමයින්ගෙන් තමයි ගොඩක් ප්‍රතිචාර තියෙන්නේ.

එහෙනම් සනුකට දැන් ප්‍රේම ආරාධනාත් එනවා ඇති නේද?
ඔව්. ඒ දේවල් නම් තියෙනවා. FB එකෙන් ගොඩක් ඒවා වෙන්නෙ. ගොඩක් කට්ටිය FB එකට මැසේජ් දාලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!