Gossip

සංගා සහ ඇමති හරීන් අර්තාපල් පුඩිමක රස බැලූ හැටි – Photos

නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ඊයේ (16) පිලියෙල කර තිබුණා..
මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිම ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑලිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.
නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිමේ අවස්ථාවට එක්ව සිටියා.
අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිලියෙල කරන ලදි.
මෙම අර්තාපල් පුඩිමට සමගමිව දේශිය අර්තාපල් වලින් පිලියෙල කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක ප්‍රදර්ශ කුටියක්ද පිළියෙල කර තිබූ අතර මෙම අවස්ථාවට විදේශිකයන්ද එක්ව සිටියා.
මෙහිදී අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටිය දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්,අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිලියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.
ඉකුත් වසරේද නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් එකක් පිලියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!