Gossip

රියදුරාගේ නින්ද ජීවිත 10 ක් බිළිගනී – මහියංගනයේදී සිදුවූ මාරක රිය අනතුරේ කතාව මෙන්න – Photos

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසනවා.
දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ මීටරයක් පමණ ඇතුළට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
වෑන් රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතළ බව මහියංගනය මූලික රෝහලේ ප්‍රශකයෙක් සඳහන් කළේය.
වැඩිහිටියන් 7 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් මෙසේ මරණයට පත්ව තිබෙනවා.
මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වෑන් රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ .ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගනය පොලිසිය විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!